ජයගත්තේ පක්ෂය බව අමතක වු හෙක්ටර් අප්පුහාමි!

0
287

hector-n-sajithකිලි මහරාජාගේ එකම සිහිනය වි තිබුනේ එජාපය දෙකඩ කොට සජිත් ප්‍රේමදාසව කෙහෙල් ඇවරියට ගැටගැසිමටය.
අද සවස සිරිකෝතේදි පරාජයට පත්වුයේ ඒ අශුද්ධ සන්ධානයයි.
එබැවින් සැබැ පරාජිතයා කිලි මහරාජා බව අවංක එජාප දේශපාලකයන් මෙන්ම ක්‍රියාකාරින්ද තේරුම්ගත යුතුව තිබේ.
එහෙත් ඇතැමුන් සිතන්නේ මෙය සජිත් ප්‍රේමදාස පමණ් ලැබු ජයක් බවය.
ඒ වෙනුවෙන් අප යුද්ධයක් කලේ යැයි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
කිලි මහරාජ කල්පනා කලේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන්ද පහකොට අගමැති කමින්ද පහකොට තමාට නැටවිය හැකි පිරිසක් අතට පක්ෂය භාර කිරිමටය.
අද දිනයේ සැබැවින්ම පරාජයට පත්වුයේ කිලි මහරාජාගේ ඒ නපුරු සිහිනයයි.
එජාපයත් ප්‍රජාතන්ත්‍රන්ත්‍රවාදයත් එකවර විනාශ කිරිමට පසුගිය ඔක්තෝබරයේ මාන බැලු ජනපති සිරිසේනලාගේ මෙන්ම මහින්ද රාජපක්ෂලාගේ ද කුමන්ත්‍රණය පරාජය කළාක්  මෙන් එජාප නායකත්වය මෙවරද කිලි මහාරාජාගේ කුමන්ත්‍රණය පරාජය කොට තිබේ.
රාජපක්ෂ රෙජිමයට යළිත් මේ රට විනාශ කිරිමට මාධ්‍යවේදින් ඝාතනය කිරිමට පවුල් හවුල් වලට පමණක් සුඛ විහරණ ලබාදිමට තිත තැබිම සදහා  එජාපෙට දැන් ශක්තිය ලැබි තිබේ.
කෙසේෙ වෙතත් දැනුවත්ම හෝ නොදැනුවත්ම කිලි මහරාජාගේ සිහිනය සැබැකරවිමට ඇතැම් පිරිස් පසුගිය කාලය තුල කටයුතු කළ ආකාරය මේ රටේ බුද්ධිමත් දේශපාලන සත්වයන් හට කිසිවිටකත් අමතක නැත..
ඒ’ මොහොත දේශපාලනිකව කියවා ගැනිමට අප්පුහාමිලාට නොහැකි විම සැබැවින්ම කණගාටුවකි.
“අපි ලොකු යුද්දයක් කරලා සජිත් ඇමැතිතුමාව මෙතනට ගෙනාවේ. දැන් අපි මේක දිනලා ඉවරයි. මේ රටේ අනාගත ජනාධිපති වෙන්නේ එතුමා. නායකතුමාගේ අශිර්වාදයෙන් අපි සජිත් ඇමැතිතුමාව මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරවනවා.” යි අප්පුහාමි මන්ත්‍රීවරයා පැවසීය.