ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ අභාවයට, මීගමුව නගර සභාවේ ශෝකය

0
187

dr.jaya 12

මීගමුව ආසනයේ එ.ජා.ප. සංවිධායක පාර්ලිමේන්තු මන්තී්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් මීගමුව මහා නගර සභාවේ සියඵ නාගරික මන්තී්‍රවරුන් වෙනුවෙන් ශෝකය පල කිරිමේ යෝජනාවක් ජුනි මස මහා සභාවට ඉදිරිපත් කර තිබිණි. අද එනම් ජුනි මස 08 වැනි දින පැවැති මහා සභා රැස්විමේදී එම යෝජනාව ඉදිරිපත් කර තිබුනේ එම්.එස්.එම්. සකාවුල්ලා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසිනි.
නියෝජ්‍ය නගරාධිපතිවරයා එම යෝජනාව ඉදිරිපත් කර අදහස් දැක්වීමෙන් අනතුරුව එ.ජා.ප.යේ ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්තී්‍රවරයා අදහස් දැක්වීය. එහිදී ඔහු ප්‍රශ්න
කර සිටියේ මන්තී්‍රවරයාගේ අභාවය සිදු වී මෙම මහා සභාව පැවැත්විමට දින 04 ක් වැනි කෙටි කාලයක් තිබියදී මේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුලත් වුයේ කෙසේද? යන්නයි.  මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ එ.ජා.ප.යේ  මොහොමඩ් නස්මිහාර් නාගරික මන්තී්‍රවරයා පැවසුවේ ජයලත් ජයවර්ධන මන්තී්‍රවරයා සියඵ ජාතීන්ට සහ සියඵ ආගමීකයන්ට එකසේ සේවය කල මානව හිතකාමී දේශපාලකයෙකු බවයි. විශේෂයෙන්ම පසුගිය වතාවේ මුස්ලිම් ජනතාවගේ නෝම්බි කාලසීමාවේදී අවශ්‍ය කරන රටඉදි රජයෙන් ගෙන්වා දෙන ප්‍රමානයටත් වඩා වැඩි ප්‍රමානයක් ඉතා හොද තත්වයේ ඒවා සෞදි රජය සමග එතුමා පෞද්ගලිකවම සාකච්ඡා කොට ලබා දුන් බවද ඔහු පැවසීය.
එ.ජ.ප.යේ වෛද්‍ය හෙන්රි රොසාරියෝ නාගරීක මන්තී්‍රවරයා මෙහිදී පැවසුවේ තමන්ට දේශපාලනයට පිවිසීමට අතදුන් ජයලත් ජයවර්ධන මන්ති්‍රවරයා සිංගප්පුුරුවේදී මිය ගොස් ඇති බව නිශ්චය කර ගැනීමටත් නොහැකි අවස්ථාවක එලෙසම එලෙස මිය ගොස් ඇත්නම් එම මෘත දේහය මෙරටට      රැගෙන ඒමට එම කටයුතු සංවිධානය කිරීමටත් මත්තෙන් එනම් මන්තී්‍රවරයා මිය ගොස් පැය කිහිපයක් ගතවෙන්නටත් මත්තෙන් මීගමුව පුරාම ආන්ඩු පක්ෂය විසින් ශෝකය ප්‍රකාශ කීරිමේ බැනර් ප්‍රද්ර්ශනය කීරිම පුදුම සහගත බවයි. එලෙසම එදිනම එම අභාවය වෙනුවෙන් ශෝක යෝජනාවක්  මෙම මහා සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමම තවත් පුදුම දනවන කරුණක් බවද ඔහු පැවසීය. එමෙන්ම මේ තත්වය මත මීගමුව මහා නගර සභාව යනු කොතරම් කාර්්‍යක්ෂම නගර සභාවක් ද යනුවෙන් තමාට සිතුන බවද ඔහු එහිදී පැවසීය. වෛද්‍ය හෙන්රි රොසාරියෝ නාගරීක මන්තී්‍රවරයා මෙහිදී අවධාරනය කලේ      මිය ගිය ජයලත් ජයවර්ධන මන්තී්‍රවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කල පුද්ගලයෙකු බවයි. ඒ නිසාවෙන්ම ඔහුට එල්.ටී.ටී.ඊ. කොටි ලේබලය පවා මේ ආන්ඩුවේන් ඇලවු බවත් පාර්ලිමේන්තුවේදී සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධියේ ඔහුට කොටි ලේබලය ඇලවූ බවද ඔහු අවධාරණය කලේය. විශේෂයෙන් එතුමාට පාර්ලිමේන්තුවේදී පවා පහරදී අපහාස කල බවත් එලෙස ආන්ඩුව එතුමාට සැලකූ බවත් වෛද්‍ය හෙන්රි රොසාරියෝ නාගරීක මන්තී්‍රවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
එ.ජා.ප.යේ රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්තී්‍රවරයා පැවසුවේ මෙම යෝජනාව ගෙන ආවේ ආන්ඩු පක්ෂය නියෝජනය කරන නීයෝජ්‍ය නගරාධිපතිවරයා බැවින් තමන් ඒ පිලිබදව සතුටු වන බවයි. මන්දයත් රනිල් වික්‍රමසිංහ එ.ජ.ප. නායකතුමත් මෙරටට ස්ථාපිත කීරීමට උත්සහ කලේත් මෙවැනි විසංවාදී දේශපාලන සංස්කෘතියක් බවද ඔහු පෙන්වා දුන්නේය. ජයලත් ජයවර්ධන මන්ත්‍රීරවරයාත් ජීවත්ව සිටින කාලයේදී පවා පක්ෂ ආගම් ජාති භේද වලින් තොරව මෙරට මෙවැනි විසංවාදී දේශපාලන ක්‍රමයක් ඇති කීරීමට උත්සාහ කල බවද ඔහු පැවසීය. ඒනිසා එම ආදර්ශය ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනාවක් ගෙන එමින් මෙලෙස මෙම නගර සභාව තුලින් හෝ ඉදිරිපත් වීම ඉතා යහපත් ප්‍රවනතාවයක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ආන්ඩු පක්ෂ මන්ත්‍රී  සුනිල් සිල්වා ප්‍රකාශ කලේ තමන්ට එ.ජා.ප.යේ සිට ආන්ඩු පක්ෂය හා එක්වන ලෙස බල කලේ ජයලත් ජයවර්ධන මන්තී්‍රවරයා බවයි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් කිසිදා මෙරට යලි එ.ජා.ප. ආන්ඩුවක් පිහිටවිය නොහැකි බැවින් තමන්ට ආන්ඩු පක්ෂය හා එක්ව ගමට රටට ජනතාවට සේවයක් කරන ලෙස පැවසුවේ ජයලත් ජයවර්ධන මන්තී්‍රවරයා බවත් එතුමා වැනි දේශපාලකයන් අහිමිවීම රටටම විශාල පාඩුවක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය. නගරාධිපතිවරයා  පැවසුවේ ජීවත්ව සිටි ජයලත් ජයවර්ධනට වඩා මිය ගිය ජයලත් ජයවර්ධන වඩා ශ්‍රේෂ්ඨ බවයි.
මෙම යෝජනාවට ආන්ඩු පක්ෂයේ කපිල නන්ද සුලෝචන, සේපාල මොරවක සහ එ.ජා.ප.යේ රවී ජිවානන්ද යන නාගරික මන්තී්‍රවරුද අදහස් පල කලහ.