ජයවිර සහ සරත් ඉටුකරන්නේ ලංසාලාගේ කොන්ත්‍රාත් එකක්ද?

0
62

sarath and nimalnewතමන් කිසිදු පිළක නැතැයි කි හිටපු  නගරාධිපති  ඇන්ටනි ජයවිර ඉතාම මෑතකදි මහින්ද පිළට බල්ටියක් ගැසුවේය.ඒ පිටුපස  ඉතා පැහැදිලි ව සිටින්නේ ඇමති නිමල් ලංසාය.මිගමුව  මහනගර සභාවේ නව පුස්තකාල ගොඩනැගිල්ල සදහා ලංසා පවුල බැලන්ස් කරගැනිම අත්‍යවශ්‍ය  කරුණක් ව තිබුන හෙයින් ජන්මාන්තර වෛරයකින් සිටි දයාන් ලංසා එකපාරටම දයාන් මල්ලි විය.මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ ට සිදුකරන්නට යෙදුන ප්‍රහාරය පිටුපස  දයාන් මල්ලි නැතැයි කියන්නට තරම් දුරකට මේ පුස්තකාල  කොමිස් ප්‍රේමය වර්ධනය  වි තිබුණි.පසුගිය  කාලය තුල මිගමුවේ  මහින්ද පිළ වෙනුවෙන් මහත් වෙහෙසක් ගෙන කටයුතු  කලේ නාගරික  මන්ත්‍රී  කපිල සහ පළාත්  සභා මන්ත්‍රී සකාවුල්ලා විසිනි.සරත් ගුණරත්න  හෝ ජයවීරලා පැත්ත පළාතක සිටියේ නැත.එහෙත් දැන් සති කිපයක සිට මේ දෙදෙනාම සීන් එකට එන්ටර් වි සිටිති.ඒ අන් කිසිවක් නිසා නොව නිමල් ලංසාගේ ඉල්ලිම පිටයැයි ප්‍රබල චෝදනාවක් මහින්ද පිලේ ඇතමුන් විසින් දැනටමත් කරන්නට පටන්ගෙන තිබේ.ශ්‍රිලනිප තුල මෙන්ම මහින්ද පිල තුලද තමන්ට ගිලිහෙමින් ඇති බලය යලි දෙවන වටයකදි අල්ලා ගැනිම ඉලක්ක කොටගෙන මේ වටයේදි මහින්ද පිල නඩත්තු  කිරිම සදහා   ජයවිරව මෙන්ම සරත්ව ඉත්තන් සේ යොදගෙන ඇත යන්න මේ අයගේ චෝදනාවයි.මිගමුව තුල සිටින ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරීන් දෙදෙනකු වන සරත් සහ ජයවිර අවැසි මොහොතක දේශපාලනිකව විශ්‍රාම යවා ලංසා පවුලට ඒ ඉඩලබාගැනිම  ඇමති නිමල්  ලංසාගේ දේශපාලන  ගේම බව නම සදහන් කිරිමට අකමැති මහින්ද පිලේ මිගමුවේ ප්‍රබලයෙකු මිපුරට ප්‍රකාශ කර සිටියේය.