ජයවීර සහ රොයිස් පවත්වපු රහස් සාකච්ජාව මොකක්ද ?

0
92

1මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර සහ මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින් රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි මේ දිනවල මීගමුවේ දේශපාලන කව අතර ගොසිප් එකක් බවට පත්ව තිබේ.
දෙසැම්බර් 10 වනදා පැවැති මහසභා රැස්විමේදිද මේ කාරණය ගැන මන්ත්‍රිවරයෙක් කථා කර තිබුන බවද වාර්ථා වේ.
අප දන්නා පරිද්දෙන් ඇන්ටනි ජයවීර සහ රොයිස් ද සහභාගි වු රැස්විමක් පසුගිය දිනක මීගමුවේ ප්‍රකට පුද්ගලයෙකුගේ නිවසේදි පැවැත්වි ඇත.
ඒ සදහා නගරයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් පිරිසක්ද සහභාගි වි ඇත.
එහෙත් එය රහස් සාකච්ජාවක් යැයි මහසභා රැස්විමකදි අසා  තිබුන සුනිල් සිල්වා මන්ත්‍රිවරයා පසුගිය කාලය තුල වරින් වර සහභාගි වි ඇතැයි අප සිතන ආකාරයේ රහස් සාකච්ජාවක් නම් නොවේ.
සුනිල් සිල්වා  ම්න්ත්‍රිවරයා තාමත් ජිවත්වන්නේ වසරක් පිටුපසින්දැයි අපට සිතේ .ඒ මේ රටේ දැන් පවතින්නේ ජාතික ආණ්ඩුවක් යැයි අමතකව ඇති නිසාය.
කෙසේ වෙතත් මේ සාකච්ජාවේ පදනම වි තිබුනේ මීගමුව අළුතින් ගොඩනගන්නේ කෙසේද යන්නයි.එය කැදවා තිබුනේ මීගමුව අළුතින් ගොඩනැගිය යුතුයැයි යන අරමුණකින් ක්‍රියාකරන පුද්ගලයන් හා සංවිධාන කීපයක මුලිකත්වයෙනි.
මීගමුව  හෙටට ගැලපෙන නගරයක් කරන්නේ කෙසේද යන්න මේ සාකච්ජාවේ පදනම විය..
ඒ සදහා නගර නිර්මාණ සැලසුම්ද සැකසි ඇත.
මීගමුවේ සංවර්ධනය ගැන කථාකරන්නට අයිතියක් ඇත්තේ දේශපාලකයන්ට පමණක් යැයි සුනිල් සිල්වා වැනි මන්ත්‍රිවරුන් කල්පනා කරන්නේ නම් ඒ අයට අපට කියන්නට ඇත්තේ එළඹෙන හෙට දිනයේ සිදුවන්නේ මොනවාදැයි නිහඩව බලාසිටින ලෙසය.

සුනිල් සිල්වා විසින් කියන්නට යෙදුන රහස් සාකච්ජාවට මීගමුව පොලිසියේ උසස් නිළධාරින්ද සහභාගි වි සිටියහ.
සුනිල් සිල්වා මන්ත්‍රිවරයා විසින් රහස් සාකච්ජාවක් යැයි කියු මෙහිදි ගණු ලැබු තිරණයක් මත ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් මීගමුවේ දේශාපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද කැදවා දෙසැම්බර් 14 වනදා තවත් විශේෂ සාකච්ජාවක් මීගමුවේ ප්‍රධාන පෙලේ හෝටලයකදි පැවැත්විමට නියමිතය.
සුනිල් සිල්වා මන්ත්‍රිවරයාද ආරාධිතයෙකුව සිටින එම රැස්විමට පැමිණ එහිදි කථාබහ කරගන්නා දේවල් ලබන වසරේ මහසභා රැස්විමක් පැවතිය හොත් එහිදි වගකිමකින් යුතුව පවසන ලෙසද දන්වා සිටිනු කැමැත්තෙමු.