ජර්මනියේ Wings University හරහා සරණාගතයන්ටත් උසස් අධ්‍යාපන වරම්

0
90
" Wings University" හි මේ සම්බන්දව නිර්මාණය කල බැනරය.
" Wings University" හි මේ සම්බන්දව නිර්මාණය කල බැනරය.
” Wings University” හි මේ සම්බන්දව නිර්මාණය කල බැනරය.

 

ප්‍රධාන වශයෙන්ම වර්ථමානය වන විට ලොව පුරා රටවල් කිහිපයක පවතින යුධමය වාතාවරණය නිසා එම රටවලින් පලා එමින් වෙනත් රටවල්වලට අවසරයෙන් හෝ අනවසරයෙන් ඇතුළු වන සරණාගතයන් ප්‍රමාණය දිනෙන් දින වැඩිවන පුවත් අපිට නිතර මාධ්‍ය හරහා අසන්නට දකින්නට ලැබෙනවා. මෙලෙස යුධමය තත්වයක් නොමැති රටකට ඇතුළු වීමට වෙර දරණ සරණගතයන් එම උත්සාහයේදී තමන්ගේ ජීවිතයෙන් පවා ඊට වන්දි ගෙවන අවස්ථාද වර්ථමානය වන විට ඉතාමත් සුලබයි. තත්වය එසේ තිබියදී මෙලෙස විවිධ හේතූන් නිසා සරණගතයන් බවට පත්වන පුද්ගලයන්ගේ ඉදිරි ජීවිතය සැලසුම් වන්නේ කෙසේද යන්න මේ වන විට ඔවුන්ට විශාල ප්‍රෙහේලිකාවක්. ජීවිතයට ඇතිආශාව නිසා ජීවිතය රැක ගැනීම පිණිස තම මව්භූමිය අතහැර පිටත්වන මොවුන් ඉන් පසුව පත්වන්නේ ඉතාමත් අසරණ තත්වයකටයි.

මෙම අසරණභාවයට පිලිතුරක් ලබාදීමට ජර්මනියේ සරසවියක් වන ” Wings University ” කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සරණාගතයන් වශයෙන් පැමිණෙන පිරිස් වෙත අන්තරජාලය හරහා තමන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමේ අවස්ථාවක් සලසා දීමයි. මෙහි විශේෂත්වය වන්නේ ජාති,ආගම්, ආර්ථික තත්වය,අධ්‍යාපනික තත්වය වැනි කිසිදු භේදයකින් තොරව මේ හරහා අධ්‍යාපනය ලැබීමට ඇති හැකියාවයි. මේ ක්‍රියාවලියේදී තමන්ගේ අනන්‍යතාවය තහවුරු කල යුතු එකම අවස්ථාව වන්නේ අන්තරජාලය හරහා තමන් හදාරන පාඨමාලාව අවසානයේ පැවැත්වෙන සහතික ප්‍රදානයේදී වීම මෙහි එක් විශේෂත්වයක්. එලෙසම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ හදාරණ පාඨමාලාවන් සදහා කිසිදු මුදලක් අදාල සරවිය විසින් අයකර නොගැනීමයි. මෙම සියළුම පාඨමාලාවන් ඉංග්‍රීසි බසෙන් පැවැත්වෙන අතර ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි ඕනැම කෙනෙකුට මෙම සරසවිය හරහා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් ඔවුන් හිමිකරදී තිබෙනවා.

මෙම ජර්මන් සරසවිය මේ අවස්ථාව ලබාදීම ආරම්භ කල අවධියේ සිට මේ දක්වා ඉංජිනේරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව හා පරිඝණක විද්‍යාව වැනි විශයන් හා අනෙකුත් විශයන් විශාල ප්‍රමාණයක් සම්බන්දයෙන් පාඨමාලා පවත්වා ඇති අතර ඒ සදහා 80%කම සහභාගීත්වය ලැබී ඇත්තේ ඉහත සදහන් කල සරණාගත සිසුන්ගෙන් බවයි ඔවුන් පවසන්නේ. නමුත් මින් පෙර සරණගතයන් වශයෙන් ඔවුන් අධ්‍යාපනයට යොමුවනවානම් ඒ සදහා අවසරය ලබා ගැනීමට නීති විශාල ප්‍රමාණයක් ඇති අතර විශේෂයෙන් විභාග සදහා පෙනී සිටීමේදී ඔවුන්ගේ පදිංචිය තහවුරු කල යුතු වන අතර , වාසය කිරීමට ස්ථීර තැනක් නොමැති මෙවන් පුද්ගලයන්ට මෙය ඉතා අසීරු කටයුත්තක්.

මේ නිසා පසුගිය කාලය පුරාවටම සරණාගත පිරිස්වෙත අකැප වූ උසස් අධ්‍යාපනය මේ වන විට ඔවුනට ඉතාමත් පහසු අයුරින් ඔවුන් වෙත ලගා වී තිබෙනවා. එම නිසා ජර්මනියේ ” Wings University” පවසන්නේ, ඔවුන් දැරූ මේ ප්‍රයත්නය ඉතා සාර්ථක අතර වර්ථමානයේ සරණගතයන්ගෙන් විශාල පිරිසක් තමන් කැමති ක්ෂේත්‍රයන් හරහා මෙ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් උසස් අධ්‍යාපනය ලබාගෙන ඇති බවයි.

images 1

images2

images

images3

 

සටහන – මිතිලායා ගමගේ

(Global voice ඇසුරිණී.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here