ජවිපෙ සහ මාධ්‍ය වෙළද කලාප කම්කරුවන්ගේ ප්‍රශ්ණය ගැන නැගූ හඩ නිසා ප්‍රසන්න රණතුංග ඇහැරෙයි !

0
105

1585224053-ranathunga_L

දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දි ඇතැයි  දෙරණ විසින් අද වාර්ථා කර තිබුණි.

ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දුන් බවද එහි වැඩිදුරටත් සදහන්ය.කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දි තිබේ.හෙට පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. දැනට බෝඩිං වල රැදී සිටින සේවක සේවිකාවන්ට අද රාත්‍රී අහාරය ලබා දෙන ලෙසත් ඊට අමතරව හෙට ගම් බිම් බලා යන සේවක සේවිකාවන්ට උදෑසන හා දිවා අහාරය ලබා දීමටත් මෙහිදී තීරණය කර ඇතැයි වාර්ථා වේ.

ඊට අමතරව සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද තිරණය විය.

දිවයින පුරා ක්‍රියාත්මක නිදහස් වෙළද කළාප වලින් පිටස්තර  ප්‍රදේශ වලින් පැමිණ එම කළාප ආශ්‍රිතව නවාතැන්ගෙන සේවය කරන සේවක සේවිකාවන් බහුලව සිටින්නේ කටුනායක, බියගම සහ වතුපිටිවල යන නිදහස් වෙළද කළාප තුලයි.

කටුනායක නිදහස් වෙළද කළාපයේ බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට වසා දමා ඇතැයි ආයෝජන මණ්ඩලයේ úOdhl අධ්‍යක්ෂක එන්.කේ.ඩී ලෝරන්ස් මහතා මෙහිදි කියා සිටියේය ‍ නිදහස් වෙළද කළාප ආශ්‍රිතව සිටි සේවක සේවිකාවන් බහුතරයක් මේ වන විට නිවෙස් වලට ගොස් ඇති බවත් තවමත් නවා තැන් ‍පොලවල් වල රැදී සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බවත් අධ්‍යක්ෂක වරයා මෙහිදී කියා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවරණය කලේ සංඛ්‍යාව සුළු වුවවත් ඔවුන් වහා නිවෙස් වලට යැවීමට කටයුකු කල යුතු බවයි.

ඒ මොහොතේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවතින තත්ත්වය පැහැදිලි කරල අතර තවමත් නවාතැන් පොල වල රැදී සිටින සේවක සේවිකාවන් ඔවුන්ගේ ගම් බිම් බලා යැවීම සදහා ආරක්ෂක අංශවල සහය ලබා දෙන ලෙස  ඉල්ලා සිටියේය. ඊට ජනාධිපති වරයාගේ එකගත්වය පල විය.

ප්‍රදේශයේ පොලිසිය මගින් සේවක සේවිකාවන්ට ගම් බිම් බලා යාමට අදාල බස්රථ පිටත්වන වේලාවන් නිවේදනය කරන ලෙසත් ඒ අනුව ආරක්ෂා කාරී ලෙස ඔවුන් ගම්බිම් වලට පිටත් කර හරින ලෙසත් ඇමති වරයා මෙහිදී වැඩිදුරටත් ආයෝජන මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

දැනට කටුනායක නිදහස් වෙළ කළාපය ආශ්‍රිතව රැදී සිටින මෙම සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඒ මොහොතේදීම පරිත්‍යාග කළේය.

නිදහස් වෙළද කම්කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික මාධ්‍ය කිපයක් ඊයේ දිනයේ මේ කම්කරුවන්ද හමුවි මේ ප්‍රශ්ණය අදාල බලධාරින්ගේ මෙන්ම ජාතික අවධානයට ලක් කර තිබුණි