ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය වෙරළ වොලිබොල් තරගාවලිය අද (13) මිගමුවේ වෙරළේදි ඇරඹේ !

0
247

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය සිව්වැනි වරට සංවිධාන කරන වෙරළ වොලිබොල් තරගාවලියේ තරග අද (13 වැනිදා ) සිට මීගමුව වෙරළ තීරයේදී පැවැත්වෙයි.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දෙන පළමු අවස්ථාව මෙය වෙයි.

තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොම්බියාව හා ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 16ක් සහ කාන්තා කණ්ඩායම් 9ක් එක් වෙයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (12 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර, තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය 17 වැනිදා පෙරවරු 10.00ට සිදු කෙරේ. මේ තරගාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා කර ඇත.

මුලාශ්‍රය – දිවයින