ජාත්‍යන්තර පෝලියෝ දිනය සමරන්න මීගමුව රොටරි සමාජය පෙරමුණ ගනී.

0
502

12352015 ඔක්තෝබර් 24 වැනි දිනට යෙදි ඇති ජාත්‍යන්තර පෝලියෝ දිනය සැමැරිම සදහා මීගමුව රොටරි සමාජය ක්‍රියාකාරම් රැසක් සංවිධානය කිරිමට මෙවර පෙරමුණ ගෙන තිබේ.
ඒ පිළිබදව දැනුවත් කිරිම සදහා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් මීගමුව පැරඩයිස් හෝටලයේදි සංවිධානය කර තිබිණි.
ජගත් පෝලියෝ දිනය යෙදි ඇති ඔක් 24 වෙනිදා පෙරවරුවේ මීගමුව මහනගර සභාව භුමියෙන් ආරම්භ වන ජනතාව දැනුවත් කිරිමේ විශේෂ රථ පෙළපාලිය මැතිවරණ කොට්ඨාශ 6 ඔස්සේ ගමන් කිරිමට නියමිතය.
රෝගයක් ඇතිවු පසු එයට පිළියම් සොයනු වෙනුවට රෝගයක් ඇතිවිම වැලැක්විම සදහා හැකි පියවරයන් ගැනිම රොටරි සමාජයේ මුලික ප්‍රතිපත්තිය බව පුවත්පත් සකච්ජාවට එක්වෙමින් එහි ප්‍රධානින් අවධාරණය කර සිටියහ.
මෙමපුවත් සාකච්ජාව සදහා මීගමුව රොටරි සමාජයේ සභාපති අජිත් විරසිංහ මහතා ,රොටරි පදනමේ සභාපති සහ අන්තර්ජාතික කටයුතු පිළිබද ප්‍රධානි වෛද්‍ය ශ්‍රි රංජන් මහතා,මීගමුව රොටරි සාමාජයේ ලේකම් කෘෘස් මහතා ,සහ රොටරි සමාජයේ මහජන සම්බන්ධතා අංශයේ සභාපති සුදන්ත ලියනගේ මහතා එක්ව සිටියහ.
මෙම පුවත් සාකච්ජාවට ඉදිරිපත් කරන්නට යෙදුන විස්තරාත්මක වාර්තාවක්ද පහතින් පළවේ.
1011