අද උදෑසන ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිණයක් මෙන්ම දේශපාලන ක්‍රියාකාරිණි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මියගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිට කාන්තාවන් පිරිසක් විසින් උද්ඝෝෂනයක නිරත වී තිබේ. සාධාරණය සදහා කාන්තාවෝ (WFJ) නම් සංවිධානයේ කාන්තාවන් පිරිසක් මෙසේ විරෝධතාවයක් දක්වා ඇති අතර ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට ද ගොස් විරෝධතාවයක නිරත වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට එරෙහි අදහස් ඔවුන්ගේ විරෝධතා සටන් පාඨ වල සදහන් වී තිබෙන අතර ජිනීවා හීදී නිමල්කා ප්‍රනාන්දුගේ මැදිහත්වීම සම්බන්ධයෙන්ද විරෝධය පළ කර ඇත. මෙම විරෝධතාවය මෙහෙයවා ඇති කාන්තාවන් අතර ප්‍රමුඛත්වය ගෙන සිට ඇති තමරා කුලනායගම් නැමැති කාන්තා ක්‍රියාකාරිණිය පසුගිය රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකාරිණියක බවද වාර්තා වේ.