ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා හදිස්සියේම කුරණ සුපිරි හෝටලයට පැමිණුනේ ඇයි ?

0
41

DSC00125කුරණ පිහිටි සුපිරි හෝටල් භූමිය ඩෙංගු බෝකරන තැනක් ලෙසින් මීගමුවේ සෞඛ්‍ය බලධාරින්ගේද අවධානයට යොමුවිමත් ගම්වාසින් විසින් නොකඩවාම විරෝධතා මතු කිරිමත් නිසා හෝටල් හිමිකරුවන් දැන් සිය ජාමේ බේරා ගැනිම සදහා විවිධ උප්පර වැට්ටි දමමින් සිටි.
මේ නිසා ඔවුන් කියන්නට යන්නේ ඩෙංගු කීටයන් තම හෝටල් භූමියෙන් හමුනොවු බවය.
එහෙත් මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින් මේ හෝටල් පරිශ්‍රය තුලදි ඩෙංගු කීටයන් සිටි බවට දැනටමත් පිලිගෙන තිබේ.
එහෙත් ගැටලුව වන්නේ මේ සෞඛ්‍ය බලධාරින්ට මේ හෝටලයට එරෙහිව නඩු දමන්නට බැරි ආකාරයේ දේශපාලන බලපෑමක් මේ වන විටිත් වර්ධනය වෙමින් තිබිමය.
මෙහි ප්‍රථිපලයක් නිසාදෝ ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඔහුගේ දුරකථනයද මේ දිනවල වසා දමා නිවාඩු ගොස් ඇති බව සැලය.
මේ අතර මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ කරමින් මේ හෝටලයේ ප්‍රකාශිත එක් හිමිකරුවෙකු වන ඩන්ස්ටන් ගොළුහේවා මහතා කියා සිටියේ ඩෙංගු කීටයන් තමන්ගේ හෝටල් භුමියේ සිට හමු නොවුන බවය.
එසේ නම් ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ වෛද්‍ය තවුපික් මහතා හදිස්සියේම මේ කුරණ සුපිරි හෝටලයට පැමිණ තිබුනේ ඇයි ?
ඩෙංගු කිටයන් ද හමුවුනේ නැතැයි කියන්නේ නම් මේකඩිමුඩියේ ඩෙංගු මර්ධන ජාතික  ප්‍රධානියා පැමිණෙන්නට කිසිදු හේතුවක් නැත.
ඩන්ස්ටන් ගොළුහේවාට රටට ලෝකයට වසංකරන්නට උත්සාහ කරන තිත්ත ඇත්ත වෛද්‍ය තව්පික් මහතාගේ පැමිණිම හරහාම රටට ලෝකයාට දැන් ගොස් හමාරය.
අප අවස්ථා ගණනාවකදිම හෙළිකර ඇති පරිදි මේ හෝටලයේ ඇත්ත හිමිකරුවන්ට ඇති දේශපාලන බලය මත දැන් සිදුවෙමින් යන්නේ හෝටලය ඩෙංගු තිප්පොලක් නොවේ යැයි රටට කියා නඩුවට්ටා ගන්නේ නැතිව ගොඩයන තැනට කටයුතු සලසා ගැනිමය.
මේ පසුබිම තුලදි මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරින්ගේ සිමාවද අප ඉතා හොදින් දනිමු.
ඒ ඔවුන්ට ඇති විවිධ බලපෑම් නිසාවෙනි.
දුප්පත් නිවැසියෙකුගේ ඉඩමකින් ඩෙංගු කීටයන් හමුවන්නේ  නම් දඩ ගසන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අද ග්‍රැන්ඩිසා හෝටලය ඉදිරියේ නිරුත්තර වන්නට සිදුව ඇත.ඒ මේ සුපිරි හෝටලයේ ඇත්ත හිමිකරුවාට ඇති දේශපාලන බලයේ තරමනිසාය.