ජාතික නවෝදයක් සඳහා වූ උතුරු දකුණු සංවාදය – ගම්පහ දි..

0
101

ජාතික නවෝදයක් සඳහා වූ උතුරු දකුණු සංවාදය කිළිනොච්චි දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල, දමිල, මුස්ලිම් තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා මීගමුව හා දිවුලපිටිය ප්‍රදේශ මූලීක කරගෙන  දින තුනක් පූරා පැවැත්විණ. එහිදි තරුණ ප්‍රජාව තම ප්‍රදේශවල පවතින ගැටලු හා රට තුළ සංහිඳියාව ගොඩනගන අයුරු සාකච්ජා කරන ලදි. ජනවර්ගවල පවතින සංස්කෘතින් හා විවිධත්වය අත්දකිමින් විශ්වාසය හා සහෝදරත්වය බෙදාහදා ගනිමින් නැවත කිළිනොච්චි යේදී හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නා ලදි. මෙම සංවාදය මෙහෙයවීම හා සංවිධානය ගම්පහ දිස්ත්‍රික් අන්තර් අාගමික එකතුව විසින් සිදුකරන ලදි.FB_IMG_1499759188026