එලෙසම එහි බාලිකා අංශයේ ශූරතාවය දිනාගැනීමට වලල ඒ.රත්නායක විද්‍යාලය සමත් වූ අතර එහිදී එම ක්‍රීඩිකාවන් විසින් ලකුණු 112ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. අනුශූරතාවය දිනාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 66ක ලබාගත් අතර තුන්වන ස්ථානය දිනාගත් රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් ලකුණු 42ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.
එම තරගාවලියේ ක්‍රීඩිකාවන් හා ක්‍රීඩකයන් මිශ්‍රව තරගවැදි ඉසව්වලින් ශූරතාවය දිනාගෙන අැත්තේද වලල ඒ. රත්නායක විද්‍යාලය වන අතර එහිදී එම කණ්ඩායම විසින් ලකුණු 172ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. අනුශූරතාවය දිනාගත් කුරූණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලීය කණ්ඩායම 79ක් ලබාගන්නා අතරේදී තුන්වන ස්ථානය දිනගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 64ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා.