ජාතින් අතර අසමඟිය ඇතිකිරිමේ චෝදනාවට ඥානසාර හිමිට වසර 4ක සිරදඬුවමක්.!

0
171

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි අද (28) නියම කළේය.


ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.

මේ අතර පසුගිය කාලය තුල මඩකලපුව ප්‍රදේශයේ හිමි නමක්ද නැගෙනහිර වෙසෙන දමිල බස කතා කරන ජනයාට එරෙහිව ඉතා අශෝභන ලෙස හැසිරෙමින් සිටිති.මෙවැනි අයටද ඥානසාර හිමිගේ මේ දඬුවම අගනා පාඩමක් වනු නියතය.