” මංගල ජායාරූපකරනයේ යෙදෙනේනේ ඒක ධන උල්පතක් නිසා”

0
241
වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස වසර ගණනක අත්දැකීම් ඇති ලක්මාල් ප්‍රනාන්දු මහතා මීගමුව සාන්ත මරියා මහා විද්‍යාලයේන් සහ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇත. පසුව ඡායාරූපකරණය පිළිබදව ජාතික ඡායාරූප සංගමයේන් වෘත්තීය දැනුම පිළිබදව අධ්‍යන කටයුතු වල නියලුන ඔහු උපාධිධාරීයෙකි. මීගමුව ජායාරූප සංගමයේ වර්තමාන සභාපතිත්වය දරමින් එහි  උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ස්ටූඩියෝ Photo Club ‘ආයතනයේ ලක්මාල් ප්‍රනාන්දු මහතා සමග කරන ලද සාකච්ජාවකි.

 මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ ක‍්‍රියාකාරකම් කෙබදුද ?
	අපි මේ සංගමය පටන් ගත්තේ 14 දෙනෙකුගෙන්, මීගමුවේ ඡුායාරූප ශිල්පින්ගේ සංගමය පටන්ගන්න මුල් වෙච්ච කීපදෙනෙකු ඉන්නවා’ ක්ලිෆඞ් ,සම්පත්,ඇන්ජලෝ, හියුබට් අයියා, සෙල්සස් හා මම ඇතුළු  කීපදෙනෙක්.  මීගමුව ඡුායාරූප ශිල්පීන්ගේ සංගමයේ  දහවෙනි සංවත්සරය ගිය අවුරුද්දේ සැමරුවාි වෙළඳ සංගමයක් පටන් ගන්න ඉතා පහසුවෙන් පු`ඵවන් එහි විවිධවයක් තිබෙනවා. නමුත් ඡුායාරූප සංගමයක් වගේ දේකදී අපි ඔක්කොම එකම ෆීල්ඞ් එකේ එකම බිස්නස් එකත් එක්ක යන්නේ.ඒක නිසා ජායාරූප සංගමයක් පවත්වා ගෙන යාම ඉතාම අපහසු කාර්‍යයක්. නමුත් සතුටුයි කියන්න, අපි මේ 11 වෙනි අවුරුද්දේ ඉන්නේ.
අපි අවුරුදු කීපයකට කලින් ඡුායාරූප සංගමය හැටියට වනජීවී ඡුායාරූප වැඩමුඵවක් ආරම්භ කළා.
 ඒක ගොඩාක් ඡුනප‍්‍රිය වුණා මෙන්ම මතක හිටින එකක් වුණා. ඒ වැඩ හරහා අපේ සංගමයට තවත් සාමාජිකයන් සම්බන්ධ වුණා. දැන් අපේ සංගමයේ දිවයින පුරා සාමාජිකයින් ඉන්නවා.
	මොකද රට වටේම ඉන්නවා ඡුායාරූප ශිල්පීන් දැනුම පිපාසයෙන්. ඔවුන්ට පන්තිියකට ගිහින් තියරි ඉගෙන ගෙන තිබුණත්,මේ  විෂය තැනක ප‍්‍රායෝගිකව කරගෙන යන්නේ කොහොමද කියන එක අවබෝධය අඩුයි. ඒ නිසා අපි කරපු ඡුායාරූප කලාව පිළිබඳ පුහුණු වැඩමුළු හරහා සංගමයට සාමාජිකයෝ ගොඩාක් සම්බන්ධ වුණා. ඉස්සර අපි වැඩමුලූවක් කරනවා කියලා ප‍්‍රචාරයක් ලබාදෙන්න තිබුණ එකම ක‍්‍රමය තමයි පෝස්ටරක් හදලා ඒක ස්ටූඩියෝස් වල අලවපු එක. දැන් ඇඞ්වර්ටයිසින් පැත්ත ගොඩාක් ලේසි වෙලා තියෙනවා අන්තර්ජාලය හරහා.
  අපි උත්සාහ කළා මීගමුව ඡුායාරූප ශිල්පීන්ගේ සංගමයට ගොඩනැගිල්ලක් සදහා ස්ථානයක් ලබාගැනීමට’ ඒකේදී  මීගමුව නගර සභාවේ හිටපු නගරාධිපති නිමල් ලන්සා ඇතුළු පක්ෂ විපක්ෂයේ දෙපිරිසම අපිට සහයෝගය දුන්නා’ ඒ ගැන අපි කෘතඥ පූර්වක වෙනවා. ඒකෙදී අපේ ඡුායාරූප ශිල්පීන්ගේ දේශපාලන මතය කුමක්ද කියන එක බලපෑවේ නැහැ.
කඩොල් කැලේ ග‍්‍රවුන්ඞ් එක ලග ඉඩම අපිට දුන්නා. ඒක ඇත්තටම අපිට දුන්නේ ළමා උද්‍යානය නඩත්තු කරගෙන යන්න කියලා’ ඊට පස්සේ අපි පළවෙනි අවුරුදු දෙකේ දී , අපි කරපු වැඩමුළු වලින් සහ වෙනත් ආධාර වලින් බිත්ති ටික නග්ගලා ඉවර කළා. මේ සංගම් වල නිලතල වලට එන කිසිකෙනෙක් ලාභ ප‍්‍රයෝජන ඇතිව එන අය නෙමෙයි, අතින් වියදම් කරගෙන තමයි වැඩ කරන්නේ. සංගමේ සභාපති තනතුරු දරපු හැමෝටම තම තමන්ගේ අනෙක් රාජකාරිත් එක්ක බිල්ඩින් එකේ වැඩ ඉදිරියට ගෙන යාමට අපහසු කාරණාත් තිබුණා. නමුත් සංගමයේ වැඩකටයුතු කෙරුණා. මේ අවුරුද්දේ අපි වැඩමුලූ දෙකක් දැනට කරලා තියෙනවා’ එකෙන් ලැබුණ ආදායමත් සමග අපි ගොඩනැගිල්ලේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
 ජේෂ්ඨ ඡායාරූප ශිල්පීන් ට ඔබ සංගමය උදව් කරනවා ද ? ඔව් අපි ඇලෙක්ස් ඬේවිඞ් වැනි ශිල්පීන්ට නොමිලේ සමාජිකත්වය ලබා දී තිබෙනවා.ඔහු ගොඩාක් පත්තර වලට එහෙම වැඩ කරපු   කෙනෙක් දැන් ඔහු ජීවතුන් අතර නෑ. ඒ වගේම ජාත්‍යන්තරව ඇගයීමකට ලක්වුණ ඡුායාරූප ශිල්පියෙක් තමයි වෛද්‍ය වීරකෝන් මහතා. එතුමා වෙනුවෙන් ගුණ සමරු වැඩසටහනක් සහ උපහාර පිදීමේ වැඩසටහනක් අපි සූදානම් කළා. එතුමා අපේ අනුශාසක තුමා නුමත් ඔහුත් අද ජිවතුන් අතර නෑ.
 දැනට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ සාමාජිකයෙක්ගේ මරණ ගෙයක් හරි මඟුල් ගෙයක් හරි සිද්ධ වුණාම නැත්නම් වෙන විශේෂ දෙයක් සිදු වුණාම කමිටුවේ ඉන්න 13 දෙනා තමන්ගේ පෞද්ගලික දායකත්වයෙන් යම් ආධාරයක් කරන එක.  ඒක අපි සතුටින් කරන දෙයක්. මෙහෙම දේකුත් වුණා. ඒ වෙලාවේ කිලිෆඞ් මරේ මහතා තමයි සභාපති වෙලා හිටියේ. මම සුබසාධන අංශය බාරව හිටියා. අපේ සාමාජිකයෙකුට අවශ්‍යතාවයක් ආවා එයාගේ පුතාගේ විදේශගත වී කරන අධ්‍යාපනය සඳහා සහයෝගයක්. ඒ වෙලාවේ අපි ඒ මුදල් එකතු කරලා සහයෝගයක් දුන්නා. එවිට මට තදින්ම දැනුනා ස්ථාවර සුබසාධනයක අවශ්‍යතාවය. ඒ සඳහා අපි ගිණුමක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී එය ගොඩනැගිය යුතුයි.

	ඇත්තටම මීට අවුරුදු 16කට පමණ පෙර මම ඡුායාරූප ක්ෂේත‍්‍රයට එන කාලෙදී අපි දැක්කා මීගමුවේ සමහර ඡුායාරූප ශිල්පීන් බාටා දෙක දාගෙන වෙඩින් පොටෝ ගහන්ඩ ගිය අවස්ථාවන්. නමුත් දැන් වෙනකොට අපිට එහෙම කෙනෙක් හොයා ගන්ඩ බැරි තරම්, හැම කෙනාම උත්සවයකට යනකොට ඒ උත්සවයට එන කෙනාගේ ගෞරවය රැුකෙන විදිහට යන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව තමන්ගේ ගෞරවය රැුකගෙන වැඩ කරන්ඩත් පුරුදු වෙලා තියෙනවා. දැන් හුගක් අඩුයි, ඡුායාරූප ශිල්පීන් පාටි වලට  ගිහින් බීලා වැටිලා හිටියා. ඒ මිනිහා ෆොටෝ ගහන වැඬේ කලේ නෑ, බොන එකයි කලේ කියන කතා අහන එක. එහි ගෞරවය මීගමුව සංගමයට අනිවාර්්‍යයෙන්ම යා යුතුයි.
	සංගමය විදිහට අපි වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා වැඩමුළු පවත් වනවා.  මේ අවුරුද්දට අපි වැඩමුළු  3ක් පවත්වලා තිබෙනවා. දැන් ලංකාවේ එක ප‍්‍රවනතාවයක් තියෙනවා වෙඩින් ඡුායාරූපකරණය තුළ මබාැර අ්එැර චයදඑදටර්ටයහ කියලා. නමුත් ඉතින් මම දන්නේ නෑ ඒක කොතෙක් දුරට අපේ තියෙන චාරිත‍්‍ර වාරිත‍්‍ර එක්ක ගැලපෙනවාද කියලා. එය කෙසේ වුවත්, මෙහෙම දෙයක් ලංකාවේ වෙනවානේ ඒ නිසා අපි මේ අවුරුද්දේ මබාැර අ්එැර චයදඑදටයහ  ජායාරූප වැඩමුඵවක් සාර්ථකව නිමාකළා. නමුත් අපි මේ කාරණාව කොතෙක් දුරට අනුමත කරනවද නැද්ද කියන දේ කෙසේ වෙතත් දිය යට ජායාරූපකරණය කියලා වෙනම විෂයක් තියෙනවානේ.  ඒ විෂයට අපේ අය ආධුනිකයි. කිසිම පළපුරුද්දක් නැහැ.
අපි ඒක නිසා  වැඩමුළුවක් කරලා යම් දැනුමක් දුන්නා වතුර යට ඡුායාරූප ගන්නවා නම් මොන වගේ   කාමැරා ද   ලෙන්සස් වල සිදුවන වෙනස්වීම් අදින්න  ඕනා ඇදුම මොකක්ද , මොන විදිහට ද හුස්ම ගන්ඩ  ඕනා, මොනවාද වෙන්න  ඕනා යන කරුණු මුල්කරගෙන. දැන් ඒ අයට පුලූවන් ඒ තාක්ෂණය උපයෝගි කරගෙන කොරල් පර ගැන ෆොටෝ ගන්ඩ හෝ ඇඳුම් තෙමාගෙන වෙඩින් ෆොටෝ එකක් ගන්ඩ.  ඉතින් මේ ආකාරයට අපි අපේ සංගමයේ ව්‍යස්ථාවේ තියෙන එක අරමුණක් වන සාමාජිකයන්ගේ  වාත්තීය දැනුම වැඩිකිරීම කියන අවශ්‍යතාවය තේරුම් ගෙන ක‍්‍රියාත්මක වෙනවා.  

ඔබ කියන පරිදි ඡුායාරූප ශිල්පීන්ගේ වෘත්තීය දැනුම සපුරන එක හරහා සිදුවෙන්නේ වෙඩින් ඡුායාරූප කලාවේ වානිජමය ඉල්ලීම් සම්පූර්ණ කිරීමක් ද කියන ප‍්‍රශ්නය නැගුවොත් ?

ලංකාවේ ඉන්නවා නම් ජායාරූප ශිල්පීන් 1000ක්. ඒ දාහෙන් නමසිය අනූවක්ම මංගල ඡුායාරූපකරණයට පෙළඹිලා ඉන්නවා. හේතුව මංගල ඡුායාරූපකරණයට ආසා හින්දම නෙමෙයි, නැත්නම් ඒ අය මංගල ඡුායාරූපකරනයේ අති දක්ෂයෝ හින්දමත් නෙමෙයි. මංගල ඡුායාරූපකරනය ධන උල්පතක් කියලා හිතන නිසා. අපි දන්න විදිහට අතීතයේදී ඡුායාරූප ශිල්පය කියන්නේ අතින් වියදම් කරලා තමන්ගේ විනෝදාංශයක් විදිහට කරපු දෙයක්. ඒකෙදී හොඳ ඡුායාරූපයකට මිළක් ලැබෙන්නේ ප‍්‍රදර්ශනයට තිබ්බොත් විතරයි.  නමුත් ඒකෙන් කියන්නේ නෑ පැරණි ඡුායාරූප වලට මිළක් තිබුනේ නෑ කියලා. නමුත් ඒ කාලේ ඡුායාරූප කලාවේ නිරත වුණ අයට ඒවායින් මුදල් හොයන්ඩ බැරි වුණා. මම කියන්නේ අපේ රටේ මංගල ඡුායාරූප කලාවේදී , ගන්න ඡුායාරූපය විකුණන්න පුලූවන් වුණා. ඒක ජනප‍්‍රිය වුනා. ඒ නිසා වනජීවී ඡුායාරූපකරනය හෝ  ඕනෑම ඡුායාරූපකරණයක නිරත වෙන ශිල්පියෙක් සයිඞ් එකෙන් මංගල ඡුායාරූපකරනය තියා ගන්නවා. මොකද ඒකෙන් තමයිි මුදලක් හම්භකරගන්ඩ පුලූවන්. අපි සංගමයක් විදිහට මේක බලපාන්නේ කොහොමද කියලා ගත්තොත් හුගක් වෙලාවට සිද්ධ වෙන්නේ අපි කරන වැඩමුළුව කුමක් හෝ මංගල ඡුායාරූපකරණයට සම්බන්ධ දෙයක් ඒකේ තියෙනවා නම්, ඒකට සෙනඟ වැඩියි. මොකද ඒ අය මංගල ඡුායාරූපකරණය ප‍්‍රධාන විෂයක් කරගෙන ඉන්නේ. එතනදී සංගම් වලටත් සිද්ධ වෙලා තියෙනවා මේ වැඩමුලූ කරද්දී මංගල ඡුායාරූපකරණයත් සම්බන්ධ කරගෙන මේක කරගෙන යන්ඩ.
මීගමුව ඡායාරෑප ශිල්පීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක්.
ඡායාරූපකරණයට ප‍්‍රවිෂ්ඨ වෙන්ඩ කැමති ආධුනිකයින්ට මොනවගේ සේවාවක් ද සංගමයෙන් සිද්ධ වෙන්නේ ?මීගමුවේ ඉන්නවා නම් ආධුනික ඡුායාරූප ශිල්පීන් තවමත් අපේ සංගමයත් එක්ක සම්බන්ධ වෙලා නැති, මම ඔවුන්ට ආරාධනා කරනවා අපේ සංගමයත් එක්ක සම්බන්ධ වෙලා , ඔවුන්ගේ හැකියාව දියුණු කරගන්න වගේම ක්ෂේත‍්‍රයේ වැඩකරන්න අවශ්‍ය කරන දැනුම ලබාගන්න කියලා. අපි ඇත්තටම ඊයේ පෙරේදා ඩිජිටල් තාක්ෂණයෙන්් පහළ වුණ ඡුායාරූප ශිල්පීන් නෙවෙයිනේ. අපි මේ විෂයට ආදරේ කරපු නිසා, මේක ඉගෙන ගෙන මේ ක්ෂේත‍්‍රයට ප‍්‍රවිෂ්ඨ වුණ අය ඩිජිටල් පහලවීමත් සමඟ ඉබේ මේ විෂයට පෙළඹුණ අයත් ලංකාවේ ඉන්නවා. අපි ඒ ඝනයට වැටෙන්නේ නැහැ. ඒ කාලෙදී ඡුායාරූප ශිල්පියෙක් වෙන්ඩ හිතන තරම් ලේසි නෑ. මම ඡුායාරූපකරනයට එද්දී මට තරගයකට කියලා හිටියේ කිලිෆඞ් මරේ සහ ඩෙන්සිල් ප‍්‍රනාන්දු යන දක්ෂ වෙඩින් ඡුායාරූප ශිල්පීන් විතරයි ඒ වගේම ජාතික තලයේ ගත්තත් ප‍්‍රසන්න හෙන්නායක සහ දයාන් විතාරණ වැනි අති ජනප‍්‍රිය ශිල්පීන් ස්වල්පයක් හිටියේ. ඒකට හේතුව මේ ක්ෂේත‍්‍රයට එන්ඩ මේ ශිල්පය ගැන හොඳ දැනුමක් තියෙන්ඩ ඕනා. මොකද රීල් එක ඩිවලොප් කර දකින තුරු හිතේ් ගින්දරින් ඉන්නේ.
ශිල්පය දන්නේ නැතිව කැමරාවක් අතට ගත්ත මිනිහා පළවෙනි වැඩෙන්ම අහකට ඉවත් වෙනවා. ඒ නිසා ඡුායාරූප ශිල්පීන් බිහිවීම හරියට සීමා වෙලා තිබුණා. ඔය කතන්දරය බොහොම ඉක්මණට අනිත් පැත්ත හැරෙනවා ඩිජිටල් කැමරා මිනිස්සු අතට පත්වීමත් සමඟ. එතනදී අර ඡුායාරූප ශිල්පියා කියන කාරණය අහකට යනවා. නිකන්ම නිකං කැමරා ඔපරේටර්ස්ලා තමයි බිහිවෙන්නේ. දැන් ලංකාවේ අලූතින් ඡුායාරූපකරණයට එන කෙනෙක්ට කාත් එක්ක ද තරග කරන්ඩ තියෙන්නේ කියලා හිතුවොතින්, හිතාගන්ඩ බැරි තරම් නම් ප‍්‍රමාණයක් ඡුායාරූප ක්ෂේත‍්‍රයේ ඉන්නවා. එකම නමින් ඉන්න තුන් හතර දෙනත් ඉන්නවා විවිධ නම් තියෙන අයත් ඉන්නවා. දස දාස් ගාණක් නම් තියෙනවා. සියල්ලෝම තමන්ගේ නමට යටින් ‘ප්‍රොෆෙෂනල්ස්’ කියලා ගහගෙන තියෙනවා. ඒක කොහොම අරගත්ත ඒවද මොන ූම්කසසෙජ්එසදබ එකක් උඩ ආපු ඒවද , ඡුායාරූපකරණය සම්බන්ධයෙන් මොනාද ඉගෙනගෙන තියෙන්නේ, මේ කිසිම දෙයක් වෙනුවෙන් ූම්කසසෙැා වෙලා නැති අය ඡුායාරූපකරණයේ දැන් නියලෙනවා. ඡුායාරූප ශිල්පයේ තියෙන සියලූ ගුණ අගුණ මේ අය සියල්ල පාවා දෙනවා. ඇවිත් හිතූ හිතූ දේ කරනවා. ඒ නිසා කිසිකෙනෙක්ට හැකියාවක් නෑ මේක ඩිමාන්ඞ් කරලා බිස්නස් එකක් හැටියට කරගෙන යන්ඩ.
අපේ සංගමයෙන් පාසල් ප්‍රොජෙක්ට් එකක් කලින් කළා. මේක ගොඩාක් ළමයින්ට සිත ඇද ගන්නා පාඩමක්. මම අවුරුදු දෙකක පමණ කාලයක් ආවේ මරියා පාසලේ නොමිළේ ඡුායාරූප ශිල්පය ඉගැන්වුවා. ඒ ඡුායාරූප ශිල්පයට කැමති ළමයින්ට. ඉතින් අපේ ප‍්‍රදර්ශන තියන හැම වෙලාවකදිම අපි ඒ අයටත් ආරාධනා කරනවා සම්බන්ධ වෙන්ඩ කියලා. අපේ ගොඩනැගිල්ල හැදුවට පස්සේ අපි එතන පාසල් සිසුන් වෙනුවෙන් ඡුායාරූපකරනය පිළිබඳව පන්ති පවත්වන්ඩ අදහසක් තියෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව පාසල් වල අධ්‍යාපන ක‍්‍රමයේ ලොකු වරදක් තියෙනවා. දරුවන්ගේ හැකියාව තේරුම් අරගෙන පොඩි කාලේ ඉදන් ඒකට යොමු කිරීමේ ක‍්‍රමයක් නෑ. හරියට චිත‍්‍ර අදින්ඩ දන්න කෙනාට වැල්ඩින් වැඩ උගන්වලා තේරුමක් නෑනේ. අපි පාසල් වලට ගිහින් කියන්ඩ හැදුවේ ඡුායාරූප ශිල්පිය නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. යමක් හම්බ කරලා,සමාජයේ පිළිගැනිමක් ඇතිව, ඒ කියන්නේ ඡුායාරූප ශිල්පය කියන්නේ යහමින් හම්භ කරලා හොඳට ජීවත්වෙන්ඩ පුළුවන් හොඳට ජීවිතේ විඳින්ඩ පුලූවන් හොඳම මට්ටමේ රැුකියාවක්. මේක විනෝදාංශයක් විතරක් නෙමේ හොඳ රැුකියාවක්. එහෙම නම් පාසල් මට්ටමේදීම තමන්ගේ හැකියාවන් හඳුනගත්ත ළමයි ඉන්නවා නම්, ඒ අය හඳුනගෙන තිබෙනවා නම් තමන්ට තිබෙන්නේ කලා හැකියාවන් කියලා, ඒ අයට මම ආරාධනා කරනවා අපිත් එක්ක වැඩ කරන්ඩ එන්ඩ කියලා. ඒ අයට අපි ඉදිරියේදී සහයෝගය දෙන්ඩ බලාපොරොත්තු වෙනවා. ධරැුඛ ල්රැුඛ ඇනගෙන, දොස්තර හෝ ඉංජිනේරු විභාගය ඇනගෙන එතනින් එහාට . කරන්ඩ දෙයක් නැති නිසා එන්නේ නැතිව, තමුන්ට කලාත්මක හැකියාවක් තිබෙනවා නම් පමණක් මේ ක්ෂේත‍්‍රයට එන්ඩ.
මීගමුව ඡායාරූප සංගමය හැටියට මේ ක්ෂේත‍්‍රය තුළ හදුනාගෙන ඇති වෙනත් වෘත්තිමය ගැටළු මොනවද ? 

ප්‍රධාන කාරණය තමයි ජනමාධ්‍ය ප‍්‍රවලින් නම් හදාගත්ත පුද්ගලයෝ   ඒ අය තමන්ගේ නම විකුණලා කඩයක් පටන් අරගෙන ඡායාරූප කඩ පවත්වාගෙන යාම. ඒ අය කරන්නේ කාව හරි කෙනෙක්ව කවුන්ටරේ ඉන්දෝලා තියලා මේ ගොල්ලෝ අර නමට වැඩ අරගන්න එක දවසකට රු 2000-3000ක මුදලකට ෆොටෝ ගැෆර් කෙනෙක්ව හයර් කරලා තමයි මේවා කරන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු මීගමුවේ ඉන්නවා කියලා සාමාන්‍ය ඡුායාරූප ශිල්පියෙක්. ඔහු මංගල ජායාරූප ඇල්බමයක් කිරීමට රු 50000 ක මුදලක් ගන්නවායි සිතුවොත්, පැරිෂුට් කාරයෝ ෆොටෝ ඇල්බම් එකක් කරන්ඩ රු 45000ක් ගන්නවා, එකේ යටින් අර ජනප‍්‍රිය ඡුායාරූප ශිල්පියාගේ නමත් ගහලා තියෙනවා. නමුත් ෆොටෝ ටික ගහලා තියෙන්නේ අර මීගමුවේ ඉන්න ඡුායාරූප ශිල්පියා තරම්වත් දක්ෂ නැති ඇහින්දාස් ඡුායාරූප ශිල්පියෙක්. කස්ටර්මගේ පැත්තෙන් ඉතින් ලොකු නමක් තියෙන නිසා ඒ අය සතුටු වෙනවා. නමුත් කොලිටි එක අඩුවෙන් රු 45000කට කරලා දෙනවා. ප‍්‍රසිද්ධ නම් වලින් පෙනී සිටින අය ඒ ගොල්ලන්ගේ නම් වලට බ‍්‍රාන්චස් දාලා අර ඇහින්දාස් ඡුායාරූප ශිල්පීන් දාලා වැඩ ටික ඩැහැගෙන තමන්ගේ සාක්කුවට දාගන්නවා. ඉතින් මීගමුවේ සාමාන්‍ය ඡුායාරූප ශිල්පින්ට ඒකෙන් ලොකු අසාධාරණයක් වෙනවා.

ඩිජිටල් තාක්ෂණය කොපමණ දියුණු වුණත්, කොපමණ ඡුායාරූප ශිල්පීන් සිටියත් අපට අන්තර්ජාලයෙන්් මීගමුව ගැන ඡුායාරූපයක් සොයාගන්ඩ අවශ්‍ය වුවහොත් හොයාගන්ඩ පින්තූරයක් නෑ, මොකක් ද හේතුව ?
පළවෙනිම දේ තමයි මීගමුවේ කෙනාට මීගමුවේ දේ ගැන අගයක් නැති කමක් තියෙනවා. ඒකනේ මීගමුවට පිටින් එන්නේ ඡුායාරූප චාරිකාවකට ලෙල්ලමට ගිහින් ෆොටෝස් ගන්ඩ’ සමහර වෙලාවට මීගමුවේ ඉන්න කෙනෙක් ඒ චාරිකාවට නොගිහින් ඉන්නවා. මීගමුවේ ඉන්න අයට මීගමුවේ ලස්සන පෙන්නේ නැති වෙන්ඩත් පුලූවන්. අපේ අය ලඟ ඩිජිටල් උපකරණ තිබුණට මම හිතන්නේ ඒ අය ඩිජිටල් තාක්ෂණය වැළඳගෙන නෑ. නමුත් තරුණ අය ඊට වඩා තාක්ෂණයට කිට්ටුයි. අනෙක් කාරණය තමයි කැමරා ශිල්පීන් වුණත් දැන් ගොඩාක් මුදල් පසුපස තමයි කාලය වැයකරන්නේ. අපිටත් ඒ දේ සිද්ධ වෙලා තියනවා. ඔබ කිව්වා වගේ පොදු දෙයක් දැකලා ඒක රසවිඳන්න අනිත් අයට මුදා හරින සිරිතක් අපේ අය ලඟ නෑ. තවත් කාරණයක් තිබෙනවා. මීගමුවේ ඉන්න ඡුායාරූප ශිල්පියෙක් වුණත් තමන්ට හොඳ ඡුායාරූපයක් ලැබුණහම ඒක තමන්ගේ සම්පතක් කරගෙන ඒක විකුණගන්ඩ බලනවා මිසක් ඒක නොමිලේ ප‍්‍රචාරය කරන්ඩ පෙළඹෙන්නේ නැහැ. මොකද හේතුව ඒ වගේ පින්තූර තියාගෙන හිඳීමෙන් කොයි වෙලාවේ හෝ ඒක විකුණා ගැනීමේ හැකියාව එනවා.

මීගමුව නගරයේ සංවර්ධනය පිළිබඳව ඔබ දරන ආකල්පය කුමක් ද? 

දැන් තියෙන සංවර්ධනය ප‍්‍රතිපත්තිමය හෝ දූරදර්ශීව හිතලා සැලසුමක් මත සිදුවෙන සංවර්ධනයක් නෙමෙයි. මම සංවර්ධනය කියලා දකින්නේ ගෙවල් ඉස්සරහා තියෙන කූණු ටික එකතු කරන එකවත්, පාරවල් ටික අතුගාන එකවත් , තියෙන් පාරවල් උඩින් කාපට් එලාගෙන යන එකවත් නෙමේ. සංවර්ධනයක් කරද්දී මීගමුවේ නෙමේ ලංකාවේ ඕනම තැනක මගේ අදහස තමයි ඒ ඒ අංශ වලට අදාළ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන එක ක‍්‍රමයකට, එක සැලැස්මකට පටන් අරගෙන අවුරුදු කීපයකට ඉවර කරන සැලැස්මකට යෑම. දැන් වෙන්නේ මෙහෙමනේ , දේශපාලඥයන් කරළියට ආවහම ඒ පුද්ගලයා තමන්ගේ දැනුමේ ප‍්‍රමාණයට හා තමන් සැරිසරපු සමාජ මට්ටමෙන් හිතලා ඒ මට්ටමේ දේවල් ක‍්‍රියාත්මක කරන්ඩ හදනවා. එතකොට ඒක ලොකු හානියක් සංවර්ධනයක් විදිහට ගත්තාම මීගමුව හරියට සංවර්ධනය කරනවා නම්, මීගමුවේ හොඳ විද්වත් කමිටුවක් එකතු කරලා ඒ අයගෙන් අදහස් ගන්න ඕනා. ටුවරිසම් මීගමුවේ ප‍්‍රධාන දෙයක් ද, එහෙමනම් ටුවරිසම් වලට මොනා ද කරන්නේ කියලා. මීගමුවට එන කෙනෙක්ට මෙන්න මේ දේ මීගමුවේ බලන්න තියනවා කියලා දෙයක් තිබෙනවද ? අපි ඇත්තටම පිටරටවල් වලට ගිහින් තියෙන අය විදහට මීගමුවේ ටුවරිසම් විදිහට හෝටල් ටික ඇරුනහම වෙන කිසිවක් නෑ. අපි කතා කරනවා මිගමුව සංචාරක පුරවරයක් කියලා. ටුවරිසම් වලදි මොනවද මුහුදු පරිසරයේ බලන්ඩ තියෙන්නේ. කිලූටු වෙච්ච බීච් එකයි, මාඵ ලෙල්ලමයි විතරයි. මීගමුවේ වෙන මොනවද බලන්න තියෙන්නේ. කලපුව තිබෙනවා මුහුද තිබෙනවා. නමුත් මේ මුහුද හෝ කලපුව හෝ මේ කිසිම දේකින් අපේ සංචාරක කර්මාන්තයට සෙතක් වෙනව ද? මොනවද මේ ගැන මීගමුවේ ජනතාව විදිහට කරලා තියෙන්නේ කියන එක ප‍්‍රශ්නයක්. දැන් අපි පිටරට ගියාම දකිනවා, මූද තියෙනවානම් මූදත් එක්ක මොනතරම් නිර්මාණාත්මක දේවල් ඒ අය කිරලා තියෙනවා ද? කියලා.
මීගමුවේ තියෙනවා රුවල් ඔරුවෙන් මිනිස්සුන්ව මූදට එක්කන් යන සංචාර ක‍්‍රමයක්’ නමුත් ඒ රුවල් ඔරුවල කිසිදු ආරක්ෂක ක‍්‍රමයක් නෑ’ එහෙම ක‍්‍රමයක් කිසිම ආයතනයකින් පටන් අරගෙන නෑ’ එහෙම කරනවා නම් ටිකට් එකක් ගහලා එකෙන් අදායමක් ගන්ඩ පුළුවන් විදහට කරන්ඩ පුළුවන්’ තායිලන්තයේ වගේ රටවල් එහෙම කරනවා’ ඒ තැන්වල පාවිච්චි කරන ටිකට් එකක් පවා සුවනියර් එකක් හැටියට පාවිච්චි කරන්ඩ පුලූවන්. ඒ තරම් ලස්සනට ඒවා කරනවා. මේ මූදයි කලපුවයි අතර ගොඩාක් දේවල් කරන්ඩ පුලූවන්. දැන් කොටුව පිට්ටනිය ආශ‍්‍රිතව තියෙනවා පැරණි ගෙවල් කීපයක්. ඒවා සංරක්ෂණය කරලා එවා පෙන්වන්ඩ උත්සාහ කරනවද? මහ වීදිය පල්ලිය තව සම්පතක්. එකටත් විදේශිකයෙක්ට ඇවිත් ඡුායාරූප අරගන්ඩ අවශ්‍ය කටයුතු අපි සලසලා දීලා තියෙනව ද? නෑ විදේශිකයෙක් ඇවිල්ලා ෆොටෝ ගන්නේ නිකම් හොරෙන් වගේ. ඒක එහෙම විය යුතු නෑ. මම අහන්නේ අපි මොනවද විදේශිකයන්ට දීලා තියෙන්නේ. අපිට මීගමුව ගැන කතා කරද්දී ටුවරිසම් වලින් පිට කතා කරන්ඩත් බැහැ. නමුත් අපි වෙනරටකට ගියාම ටුවරිසම් නම්, ?

එළිවෙනකම් ඉවෙන්ට්ස්  තියෙනවා. දැන් මීගමුවට ගිහින් ? 12ට ට එළියට බැස්සොත් එක්කෝ ඉන්න හොරෙක් චේන් එකක් කඩාගෙන යයි” නැත්නම් පොකට් එකට ගහලා යයි. එහෙම නැත්නම් මීගමුවේ මොනවද තියෙන ඉවෙන්ට්ස්. එහෙමත් පබ් එකක් දෙකක් හැරෙන්න. – විදේශිකයෙක් හෝටලෙන් කන්නේ නැතිව එලියට බැහැලා ඕනේ නම් හොටෙල් සයිඞ් එකේ තියෙන රෙස්ටුවරන්ට් එකකින් කන්ඩ පුලූවන්. ඊට පස්සේ මොනවද මීගමුවේ කියලා ඒ මිනිහට කරන්ඩ තියෙන්නේ. හෝටලේට ගිහින් නිදාගන්න එක ඇරෙන්ඩ. ඒ ගොල්ලන්ට කාලේ ගෙවන්ඩ කිසිවක් නෑ. ඒ වගේ දේවල් වලට තමා මෙහෙ අය අවධානය යොමු කරන්ඩ ඕනේ. – අපිට බීච් පාක් එකක් කියලා තියෙනවා” මොනවද එතන තියෙන්නේ’ එතන තියෙන්නේ වෙළඳපොලක්’ නයිට් බසාර් එකක් වගේ’ ඒකේ නිකම් අයිස්ක‍්‍රීම් කාරයකුයි තවත් කවුරු හරි ඇවිල්ලා වෙළඳාම් කරනවා”වැඩි හරියක් දෙනා බෝතල්කාරයෝ” ඒගොල්ලෝ පැත්තක ඉදන් බොන එකයි” ඊට පස්සේ හවස් වරුවේ කවුරු හරි නෑවොත් ඒක වෙනම කතන්දරයක්’ ඒකට ළමයි එක්ක ගියොත් ළමයින්ට බලන්ඩ තියෙන්නේ තැන් තැන් වල කුඩ වලින් වහගෙන ඉන්න කපල්ස් ටික ඇරුණහම බලන්ඩ දෙයක් නෑ’නමුත් බීච් පාක් සංකල්පය උඩ එයට විනෝදාත්මක ගොඩාක් දෑ එකතු කළ හැකියි’ නමුත් ටුවරිසම් ස‘දහා මූලිකත්වය දෙමින්. එතකොට කලපුව ගත්තොත් කලපු ආශ‍්‍රිතව මොනව ද තියෙන්නේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙන ආකාරයට. පරිසරයට හානියක් නොවන විදිහට බෝට්ටු හෝ වෙනත් ආරක්ෂිත ප‍්‍රවාහනයක් මගින් ඒ ¥පත් බලන්ඩ. ඒවායේ ඉන්න කුරුල්ලෝ බලන්ඩ යන්ඩ ක‍්‍රමයක් රජය විදිහටත් කරලා තියෙනව ද? එහෙම මොකුත් නෑ නිකන්ම තියෙන දේවල් තියෙනවා ඕන නම් ඇවිල්ලා බලලා පලයල්ලා වගේ තත්ත්වයක් තියෙන්නේ. හෝටල් සයිඞ් එක නිසා ටුවරිස්ලා එනවා ඇරෙන්ඩ. ටුවරිස්ලාට බලන්ඩ දේවල් වත් අපේ අය හදපු දේවල් වත් නෑ. අපි සිංගප්පූරුව අරගත්තොත් ඒක නිකම් තිබිච්ච ¥පතක්. නමුත් දැන් ගත්තොත් සන්තෝෂා අයිලන්ඞ් එක කොච්චර නිර්මානශිලීව හදලා තියෙනවා ද? විදේශීකයෙක් අන්වාර්්‍යයෙන්ම ‘සන්තෝෂා අයිලන්ඞ්’ එකට යනවා මයි. මීගමුවේ ටුවරිසම් වලට තියෙන හොඳම සම්පත තමයි හැමිල්ටන් ඇල. ඇල හරියට සංවිධානය කරලා දෙපැත්තේ කඩ පේළි දාලා. ඒ කඩ ඉතාම පිළිවෙලට අලංකාරව පවත්වන්ඩ පුලූවන්. පෞද්ගලික අය කඩ ගත්තත් නීතියක් දාන්ඩ පුලූවන් මෙන්න මේ ආකෘතියට හදන්ඩ කියලා. අපි දකින දේවල් තමයි හුගක් වෙලාවට පොදු ව්‍යාපෘති පටන් ගන්නවා’ නමුත් අරගෙන දුවන්නේ තමන්ගේ අය’ එහෙම නෙමේ මම කියන්නේ ර්‍ණ කැනල් එක මීගමුවේ සීමාව තුල ර්‍ණ දෙපැත්තම සංවර්ධනය කරලා , නයිට් කඩ සහ ටුවරිසම් වලට ආකර්ශනය කරගන්ඩ පුලූවන් වේවැල් භාන්ඩ වගේ දේවල් අළෙවි වන විදිහට වැඩපිළිවෙලක් හැදුවා නම් කොච්චර ආකර්ශනීය ද ? එහෙම නම් විදේශිකයෙක්ට දවල් වරුවේදී තමන්ට ඕන කරන සුවනියර්ස් ටික රවුමක් ගිහින් එනකොට ගන්ඩ පුලූවන්. ඒ වගේම තමයි ඒ කඩ පේළියම රූ වෙනකොට හැරෙනවා නම් සී ෆුඞ් රුිඑමරුබඑ විදිහට , පන්දම් හරි ලයිට් හරි දාලා අලංකාරවත්ව කරන්ඩ පුලූවන්. එහෙම වුණොත් ඔරු කාරයින්ට, බෝට්ටු කාරයින්ටත් රස්සාවක් හැදෙනවා. ඒ වගේ ගොඩාක් නිර්මාණාත්මක දේවල් මේ ඇල දෙපස කරන්ඩ පුළුවන්. නමුත් සිද්ධ වෙන්නේ හැමිල්ටන් ඇල සංවර්ධනය කරනවා කියලා එකේ තනි පුද්ගලයෙක්ගේ බෝට්ටු තුන හතරක් දුවනවා නම් ඒක සංවර්ධනයක් හැටියට අපට මනින්ඩ බැහැ. ඒක දැන් ඉන්න නගරාධිපතිට හෝ මන්ත‍්‍රීවරුන්ට කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්. නමුත් මම කියන සංකල්පය නගර සභාව හරහා වැඩපිිළිවෙලක් විදිහට ස්ථීර කරගන්ඩ පුළුවන් නම් ඊළඟට එන නගරාධිපති මොන පක්ෂයෙන් වුණත් කමක් නෑ එයත් ඒකම ඉදිරියට ගෙන යා යුතුයි. මීගමුවේ ඉස්සරට වඩා සමහර දේවලින් යම් දියුණුවක් තිබෙනවා. ඒකෙදී අපි කුහක විය යුතු නෑ ඒ පිළිබඳව කතා කිරීමට’ මීට අවුරුදු 5ට 10ට උඩදී තිබුණට වඩා හොඳයි. ඉස්සර පොඩි වැස්සටත් යටවෙන මට්ටමක් තිබුණා නම් ඒක දැන් නෑ. මීගමුවේ පාරවල් දැන් හොඳයි. ඊට අමතරව මීගමුවට හොඳ බස්නැවතුම්පොළක් ඇවිත් තිබෙනවා. මාළු මාර්කට් එක නවීකරණය වෙලා තිබෙනවා. ඔය වගේ දේවල් ගත්තහම මීගමුවේ යමක් වෙලා තියෙනවා. නමුත් මගේ අදහස මේ දේවල් වෙද්දී ඒවා එක ප්ලෑන් එකක් ඇතුළේ ගියා නම් මෙයිට වඩා හොඳයි කියන එකයි. අපේ සංගම විදිහට පහුගිය කාලේ ටුවරිසම් පොමෝට් කරන්ඩ හිතාගෙන මීගමුවේ , අපි බ‍්‍රවුන්ස් බීච් හොටෙල් එකේ වනජීවී ජායාරූප ප‍්‍රදර්ශනයක් කළා. ඒක අපි හෝටල් ක්ෂෙත‍්‍රයේ අයට තමයි විවෘත කළේ. ලංකාවේ වනජීවී ඡුායාරූපකරනයට සම්බන්ධ ඡුායාරූපත් එකතු කරලා තමයි ඒක කළේ. අපි මේ අවුරුද්දේ සැලසුම් කරලා තිබෙනවා ිය්ාැි දෙ බැටදපඉද කියලා ප‍්‍රදර්ශනයක්. එකේ මීගමුවේ ඡුායාරූප පමණයි ඇතුළත් වෙන්නේ, මුලූ දිවයිනටම හා ජාත්‍යන්තරයටත් අපි ඒකට සම්බන්ධ වෙන්ඩ අවස්ථාවක් දෙනවා.

 

අපි අන්තර්ජාලය හරහා හැමෝටම ආරාධනා කරන්ඩ හිතුවා. මීගමුවට ආපු ඕනම විදේශිකයෙක් මීගමුවේ පින්තූරයක් අරන් තියෙනවා. ඒ පිංතුරු ඔක්කෝම අපි එකම තැනකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සදහා අනිවාර්්‍යයෙන්ම අමාත්ත්‍ය නිමල් ලන්සා මැතිතුමන්ගේ සහය අපට ලැබෙනවා. ඒක අපිට ලොකු හයියක් . ලබන වසර වන විට අපි මීගමුව ජායාරූප ශිල්පීන්ගේ සංගමය විදිහට නව ගොඩනැගිල්ලට ඇතුලු වීමට බලාපොරොත්තු වෙනවා. එවිට අප තමයි ලංකාවේ එකම ජායාරූප සංගමය ඉන්න නිවහනක් තියෙන . ඒ සිහිනය සැබෑ කරන්න උදව් වූ සියල්ලන්ට මේ අවස්ථාවේ මා ස්තුති කරනවා.

http://studiophotoclub.com/about_us.html
Photo Club - No:54 , Chilaw Road, Kattuwa, Negombo , Sri Lanka
 Tel : :+94 312231313/ Email : info@studiophotoclub.com / Hotline : +94 714 931313, +94 772 313131