ජිනිවා මාර්තු සැසියටත් කලින්ම ඇමරිකාව ලංකාවට අනතුරු අගවයි !

0
65

image1170x530croppedඇමෙරිකා එක්සත් ජනපදය අද ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කරන ලදි. ‌ශ්‍රී ලංකාවේ යුද නිලධාරියකු සම්බන්ධයෙන් කවර රටක් ‌‌හෝ  විසින් පනවන ලද ප්‍රථම සම්බාධාකය මෙය වේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පේ විසින් නිකුත් කරන ලද පුවත් පත් ප්‍රකාශණය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇති දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බවයි. එබැවින් ඔහුට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට එරටට ඇතුළු වීම අද සිට තහනම් වේ. මේ අනුව ඉදිරියෙහි දී තවත් බටහිර රටවල් විසින් මෙවැනි සම්බාධක පැනවීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. තවත් සතියකින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසි වාරයේදීද මෙම තීරණය ප්‍රතිරාව නැංවීමට ඉඩ තිබෙන බවද කියැවේ. මෙම තීරණය ගනු ලබන්නේ මානව හිමිකම් සඳහා සහයෝගය දැක්වීම, වැරදිකරුවන්ට වගවීම ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහාය දැක්වීම සඳහා ප්‍රතිසන්ධානය දිරිමත් කිරීමට බව ද එම ප්‍රකාශය සදහන් කරයි.
ජිනිවා මාර්තු සැසිය පෙබරවාරි 24 වෙනිදා ආරම්භ වන අතර එය මාර්තු 20 වෙනිදා දක්වා පැවැත්වේ .