ජිනීවා සහනයක් : කොවිඩ් මෘතදේහ භූමිදානයට අවසර දෙන බව අගමැති කියයි

0
94

ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසිය.   ජලයෙන් කොරෝනා රෝගය බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවත් ඒ හේතුවෙන් මෘතදේහ භූමිදනයට අවසර ලබා දෙන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා  කියා සිටියේ මෘතදේහ භූමිදානයට අවසර ලබාදෙන බවයි.  

කොවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්  කණ්ඩායමක් විසින් මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවට දෙදිනකට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.  

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව, 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී සමාලෝචනය කිරීමට නියමිතය.     https://www.youtube.com/embed/DMF0lZhm4_8