ජිවිතයක් සොරාගත් ”කොස් ගෙඩිය”

0
505

63 හැවිරිදි ඔහු  නමින් වික්ටර්ය.මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු සුඛෝපහෝගි බස්රථ හිමි ව්‍යාපාරිකයෙකි.ඔහු ජිවත්වන ප්‍රදේශයේ විශාල ඉඩමක් කට්ටිකර විකිණිමේදි වෙන්කළ පොදු ඉඩමේ විශ්‍රාමික නාවුක හමුදා නිලධාරියෙකු පදිංචිව සිටියේය.එම ඉඩමේ තිබු කොස් ගසෙහි කොස් ගෙඩියක් කැඩිමට ගිය එම ප්‍රදේශයේ පුද්ගලයෙකු ට මේ නාවුක හමුදා නිළධාරියා බැනවැදි ඇත.
කොස් ගෙඩිය කඩන්නට ගිය පුද්ගලයා මේ අවනඩුව පසුව වික්ටර් නැමැත්තා ට පවසා ඇත. පසුව මේ දෙදෙනාම යළිත් අදාල ඉඩමට ගොස් මේ ගැන විමසිමේදි ඇතිවු බහින් බස්විම කෙළවර වි තිබුනේ ගුටිකෙළියකිනි.ඉන්අනතුරුව මිනුවන්ගොඩ පොලිසියෙන් පැමිණ වික්ටර් නැමැත්තාව අත්අඩංගුවට ගෙන මාර්තු 30 වන සෙනසුරාදා මීගමුව බන්ධනාගාරයට යොමුකරන ලදි.
එහෙත් ඔහු පසුගිය අප්‍රෙල් 01 වනදා පෙරවරුවේදි හිටිහැටියේදිම බන්ධනාගාරය තුල මිය ගොස් තිබුණි.
අප්‍රේල් 03 වනදා අධිකරණයට ඉදිරිපත්කර ඇප ලබාදිමට අවශ්‍ය කටයුතු සැලසුම් වෙමින් තිබියදි මේ මරණය සිදුව ඇත.
ඔහුගේ පවුලේ අය පවසන්නේ කිසිදු රෝගි තත්වයකින් ඔහු නොපෙලුන බවය. මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යනිළධාරි W.R.A.S.රාජපක්ෂ මහතා මේ මරණය හෘදබාධයක් ඇතිවිමෙන් සිදුව තිබුන බව දැනුම් දි තිබේ.