ජිවිත ජිවත් කරවන්නට අවයව දන් දෙන අයටත් රජයේ රෝහල්වල ප්‍රමුඛතා දෙන්න !

0
174

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය

රමේෂ් පතිරණ ගේ සෘජු මැදිහත් වීමෙන් ‘රණවිරුවන්ට’ මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය මත එම සේවාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇතැයි පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

සිදුකර ඇති කැපකිරිම් මුලික කොට සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි රණවිරුවන් වැනි කොටස් වලට ප්‍රමුඛතා ලබාදෙන්නට ඇමතිවරයා කටයුතු කරනු ලබන්නේ නම් අවයව දන්දිමට මුලිකවුවන් මෙන්ම ඔවුන්ගේ පවුල් වෙතද එවැනි ආකාරයේ ඇගයිමක් සිදුකිරිම වඩාත් වැදගත් වේ. මේ ආකාරයේ ඇගයිම් වර්ධනය කළ හැක්කේ නම් අවයව බද්ද කරගැනිමට බලාසිටින දහස් ගණනක් ජනයාට එය සුබ පනිවිඩයක් වනු ඇත.

අවයව දන්දිම සඳහා සමාජය තුල උනන්දුවක් ඇතිකිරිම සැබැවින්ම අවශ්‍යය.මේ සඳහා පුලුල් වැඩපිළිවෙළක් දියත් කළහැක්කේ නම් ඉතා අගනේය.

lojdo45