ජීප් රථයක් ජපානයෙන් ගෙන්වා ඇති බව ඇමති ලංසා පිළිගනියි!

0
73

lanza(දෙවන සංස්කරණය )රජයේ වියදමින් තමන්ට සුඛෝපභෝගී ජීප් රථයක් ගෙන්වා ඇති බවත්, එය මේ වනවිට හම්බන්තොට වරායට ගොඩබා ඇති බවත් සඳහන් කරමින් පලවන ප්‍රවෘත්ති වාර්තා ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසා ඇති බව කලම්බුපෝස්ට් වෙබ් අඩවිය කියා සිටි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තමන් මේ දක්වා අමාත්‍යංශය හරහා හෝ රජයේ වියදමින් කිසිදු ජීප් රථයක් ආනයනය කර නොමැති අතර, එවැන්නකට ඉල්ලීමක් හෝ කර නොමැති බවයි එහිදි ඔහු  අවධාරණය කර ඇත්තේ.

මහජන නියෝජිතයන් සියලු දෙනාටම ලැබෙන පොදු වරප්‍රසාදයක් වූ තීරුබදු රහිත වාහන බලපත්‍රය උපයෝගී කර ගනිමින් තමා පෞද්ගලිකව ඇනවුම් කළ රුපියල් මිලියන 8.5 ක් වටිනා ජීප් රථයේ ඡායාරූප අදාල ප්‍රවෘත්තිය සමග පලකර ඇති බවත්, එය රජයේ වියදමින් ගෙන්වූ රථයක් ය යන කරුණ සාවද්‍ය බවත් අදාල මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන බව කලම්බු පෝසට් වෙබ් අඩවිය හෙළිකර සිටි.
(http://sinhala.thecolombopost.net ඇසුරෙනි )

Save

Save

Save

Save