ප්‍රධාන සැකකරුවෙකුට කොල්ලයෙන් දින 2 ක් ඇතුලත ඇප දුන්නේ ඇයි ?

0
98

tharidu 1මීගමුවේ ජුවෙල් ලංකා කොල්ලයේ ප්‍රධාන හෝඩුවාව සදහා මුල් වුයේ යැයි පොලිසිය විසින් මාධ්‍ය මගින් පුළුල් ප්‍රසිද්ධියක් ලබාදුන් සැකකරුවෙකුට මංකොල්ලය සිදුවි දින 2 කක් ඇතුලත පොලිසිය විසින්ම අධිකරණයෙන් ඇප ඉල්ලා ඇතැයි ඊයේ පැවැති නඩු විභාගයේදි හෙළිවිය.
තරිඳු කොස්තා නම්වු තරුණයා මෙම කොල්ලය සිදුකිරිමට යොදාගත්තේ යැයි කියන හෙල්මට් මිළට ගැනිම සදහා මීගමුව කොප්පරා හංදියේ හෙල්මට් අලෙවි සැලට පැමිණ පුද්ගලයාය.
කෙසේ වෙතත් මේ තරුණයාට පොලිසිය විසින්ම ඇප ඉල්ලා නිදහස් කර යවමින් නඩුවේ සාක්ෂිකරුවෙකු බවට පත්කරගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් රටටම කියා සිටියේ මෙම තරුණයා රොයිස් විජිතගේ රියදුරාගේ පාසැලේ මිතුරෙකු බවය.
මේසා විශාල මුදල් කොල්ලයක පිළිබදව සාක්ෂි සහිතව කරුණු ගොනුව තිබුන සැකකරුවෙකු මෙසේ ඇප ලබන්නේ කෙසේද?
මෙම කොල්ලය සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් කටයුතු කර ඇති අන්දම කිසිදු වෘත්තියභාවයක් නැති තරමටම විහිළුවක් ව ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු විශ්‍රාමික පොලිස් නිළධාරියෙකු මිපුරට  පැවසිය.
tharidu 2

http://www.youtube.com/watch?v=5L_w-vABbhA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here