ජෙයකුමාරි නිදහස් කරන ලෙස ඉල්ලා පිලිපිනයේ විරෝධතා…

0
38

අතුරුදහන්  කරනු ලැබ ඇති සිය අදරැතියන් ඉල්ලා ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක අරගලයේ ඉදිරියෙන්ම සිටින මානව හිමිකම් ක්‍රියාකාරිණියක වු ජෙයකුමාරි සහ ඇගේ 13 වියැති දියණිය පොලිසිය විසින් කිලිනොච්චියේදි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 16 වනදාය.
දැනට ඇය කිසිදු චෝදනාවක්ද නැතිව බූස්ස කදවුරේ රදවා තබා ඇත.ඇය නිදහස් කරන ලෙසත් එමෙන්ම මෙතෙක්  අතුරුදහන්ව ඇති අනෙකුත් සියළු දෙනාට සිදුවුයේ කුමක්දැයි කියන ලෙස ඉල්ලා 2014 මාර්තු 28 වනදා පිලිපිනයේ වෙළද නගරය වු මකාර්ති හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදි එරට අතුරුදහන් කරනු ලැබ ඇති පවුල් වල සාමාජිකයන්ගේ මුලිකත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අතුරුදහන් කරවිම් වලට එරෙහි ආසියාතික සංගමයද ඊට එක්ව සිටියහ.
ඔවුන් විසින් භාරදෙනු ලැබු  සංදේශය මුලදි භාරගැනිම ප්‍රතික්ෂේප කළ තානාපති නිළධාරින් ඒ ගැන කොළඹට කථා කොට උපදෙස් ලබාගත යුතු යැයි පවසා ඇති බවද වාර්ථා වේ.

පිලිපිනයේ අතුරුදහන් වු පවුල්වල සමාජිකයන් පිරිසක් පහන් බදුන් දල්වමින්..
පිලිපිනයේ අතුරුදහන් වු පවුල්වල සමාජිකයන් පිරිසක් පහන් බදුන් දල්වමින්..