ජෙයරාජ්ගේ මරණය පිළිබදව රතනහිමිගේ ප්‍රකාශයට පවුලේ විරෝධය ?

0
109

jude 2

රතනහිමි විසින් පසුගිය දින මීගමුවේ පැවැති ජනරැළියකදි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාෙගේ මරණය පිළිබදව කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් ජෙයරාජ් ප්‍රනාන්දුපුලේලේ මහතාගේ සොහොයුරෙකු අපගේ මුහුණු පොතට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.පහත පළවන්නේ ජුඩ් ප්‍රනාන්දුපුලේලේ මහතා විසින් එයයි.
රතන හිමිගේ අවධාරණය වුයේ එල්.ටි.ටි.ඊ ගිණුමට බැර කොට සිදුකරන ලද මෙම ඝාතනයේ සැබෑ ඝාතකයන් ගැන යළිත් සිතා බලන ලෙසය,මෙම ප්‍රකාශය කරනවාත් සමගම මීගමුවෙු රැළියට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් එය අනුමත කරමින් ඝෝෂා කළහ.

හිටපු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා ඝාතනය වූයේ 2008 අප්‍රියෙල් මසය. 2010 ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් දිනවීමට වේදිකවල කථා පවත්වන විට ඔබවහන්සේට එම ඝාතකයා කවුද කියා සෙවීමට උනන්දුවක් තිබුණේ නැත. කුහක දේශපාලන අරමුණු වෙනුවෙන්, අපගේ ආදරණීය සහෝදරයාගේ මරණය, කුමන හෝ දේශපාලන කණ්ඩායමක් යොද ගැනීම, අපි තරයේ හෙළා දකිමු.