‘ජෙයරාජ් අත හිත දුන් අය අද මෙතන නෑ’

0
104

DSC_0100පසුගිය 12 වෙනි දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 61 වන ජන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් මීගමුව නගර ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට දේශපාලනඥයන්  මෙන්ම ආගමික නායකයන්ද ඇතුළු   අමුත්තන් රැසක් සහභාගී වූහ.  එහිදී  දී සභාව අමතා කතා කළ පා. මන්ත්‍රිනී  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය විසින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මීගමුව හා කටාන යන ප්‍රෙද්ශ වලට කළ සේවාවන් පිළිබඳව මෙනෙහි කළාය. එමෙන්ම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා නිසා දේශපාලනයට පිවිසි ඔහුගේ උදව් උපකාර ලබාගත් පුද්ගලයන් පිළිබඳව ද සඳහන් කළාය. ඇගේ කතාවේදී ඇය පවසා සිටියේ ජෙයරාජ් මහතාගෙන් දේශපාලන ජීවිතයට උදව් උපකාර ලබාගත් බොහෝ දෙනෙක් අද මෙම  ස්ථානයේ නොමැති බවයි.
මෙම 61 වන ජන්ම දිනය වෙනුවෙන් පාසල් ළමුන්ට නොමිලේ පාසල් උපකරණ ලබාදීම හා විවිධ පරිත්‍යාග හා පුන්‍ය කටයුතු මෙම අවස්තාවේදී සිදුවිය.

ඡායා – බර්ටි වීරසිංහ

DSC_0087