ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ආමත්‍යවරයාගේ 5 වන ගුණ සමරුව වෙනුවෙන් මේ ප්‍රදේශයේ යොදා තිබු බැනර් පිළිබදව නිරික්ෂණ චාරිකාවක නියැලුණ අපේ කැමරා ඇසට හසුවුයේ එතුමන්ගේ පවුලේ අය සහ කටාන ප්‍රදේශයේ දේශපාලකයන් විසින් විවිධ ස්ථාන වල එල්ලා තිබුණ ගුණ සමරු බැනර් පමණි.
ලංකාවේ වෙනත් කිසිදු නගර සභා පාලනයක් විසින් සිදුනොකරන අන්දමේ දැවැන්ත බැනර් දේශපානයක නියැලුණු මීගමුවේ දේශපාලයන් විසින් මේ සමරුව වෙනුවෙන් එක බැනරයක් වත් මීගමුව නගරසභාව අවට යොදා තිබුන බවක් අප නොදිටිමු.

මේ සම්බන්ධයෙන් පැරණි ශ්රිලනිප ක්රියාධරයෙක් අප හා පවසා සිටියේ මීගමුවේ දේශපාලකයන්ට මේ දිනවල ගිනි කණ වැටි ඇත්තේ මිලියන 100 ක් ලැබෙන බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මීගමුව සංචාරය නිසා බවය. පාපන්දු සම්මේලනයේ සභාපති වෙනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කරන්නට මහනගර සභාව ඉදිරිපිට කටයතු කරන අයට ජෙයරාජ් ගුණ සමරුව අමතක වුයේ අහම්බයකින්ද????