ජෙයරාජ් ඝාතනයේ දසවසර පිරෙනදා සුදර්ශණිට එරෙහිව විශ්වාසභංගයක් !

0
74
වයි හංදියේ ප්‍රදර්ශනය වු බැනරයකි.

වයි හංදියේ ප්‍රදර්ශනය වු බැනරයකි.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කොට 2018 අප්‍රේල් 06 වනදාට වසර 10 ක් සපිරෙයි.
ගම්පහ වැලිවේරියේදි අවුරුදු උත්සයකට සහභාගිවෙමින් සිටියදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමතිවරයා ඇුතුළු තවත් පිරිසක් ඝාතනයට ලක්විය.jeyarajjeya 5
දේශපාලන සමාජය තුල මේ ඝාතනය පිළිබදව රාජපක්ෂ පවුල වෙත ඇගිල්ල දිගුව තිබුණි.
තතු එසේව තිබියදි රාජපක්ෂ පවුලේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් වු අගමැතිට සහ රජයට එරෙහි විශ්වාසභාංගයට ඊයේ රාත්‍රියේ පක්ෂව ඡන්ද දිමට සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියද කටයුතු කර තිබණි.
සිය සැමියාගේ ඝාතනයේ 10 වසර සමරන දිනය  දාම  ඇය ඇයට එරෙහිව එජාපය විසින් විශ්වාසභංගය ගෙනඒම දෛවයේ සරදමක් බදුය.
මාධ්‍ය විසින් අද වාර්ථා කර තිබුනේ සුදර්ශණි ඇතුළු ශ්‍රිලනිප ඇමතිවරුන් 15 දෙනෙකු සදහා අප්‍රේල් 06 වෙනිදාට විශ්වාසභංගයක් ගෙනඒමට කටයුතු කරන බවය.
ඇය යහපාලනයෙන් ඉවත්ව රාජපක්ෂලාගේ යමපාලනය වෙතට ගොස් තිබුනේ යැයි අප ඊයේ දිනයේ ලියා තිබුණි.