ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නමින් ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණයක් ……

0
238

දිවිසමරජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රදානය කළ සීදූව දවිසමර විද්‍යාලයේ ඉදිකරන ලද ටාරා ෆ්ලෙක්ස් ජාත්‍යන්තර වොලිබෝල් ක්‍රීඩා පිටිය නවීකරණය කිරීමෙන් අනතුරුව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වොලිබෝල් ක්‍රීඩා පිටිය ලෙස නම් කර විවෘත කිරීම ඊයේ (2015.11.19) ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය.

කටාන ශ්‍රී..නි.ප ප්‍රධාන සංවිධායිකා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ඉල්ලීම පරිදි ඉදිවුණු මෙම ක්‍රීඩා පිටිය වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් සහ සීදුව දවිසමර විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාව ජාතික මට්ටමට ගෙනයාමට ක්‍රියාකළ අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා සිහිවීම පිණිස මෙලෙස නම් කරන ලදී.

ලක්ෂ හාරසීයයක පමණ වියදමින් ඉදිකළ මෙම ක්‍රීඩා පිටිය සඳහා ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය, ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කටුනායක සීදුව නගර සභාව, මීගමුව කළාප අධ්‍යාපන කාර්යාලය, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම සහ එම විදුහලේ විදුහල්පති ඇතුළු පාසල් සංවර්ධන සමිතිය දායකත්වය ලබාදුන් අතර රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ කටාන ආසනයේ සංවර්ධන ප්‍රතිපාදන යොදා ඇති අතර පෞද්ගලික ආයතනයක් ලෙස ප්‍රීමා ආයතනයද මූල්‍ය දායකත්වය සපයා ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග, විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාතය නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වු අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසාන මහා තරඟ (කාන්තා/ පිරිමි) පැවැත්වීමද මෙදින සිදුවිය.