විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන මෙම ධර්ම දේශනා වලට අමතරව අදාළ විහාරස්ථානයට අනුබද්ධව පවත්නා විවිධ සංවිධාන ඒකරාශී කරමින් ඔවුන් අතර සුහදතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කිරීමද මෙමඟින් බලාපොරොත්තු වේ
තවද අඳාළ විහාරස්ථානයේ දහම්පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමද මෙහිදී සිදුවේ.මෙහි පළමු වැඩසටහන දිවංගත ගරු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 63 වන ජන්ම දිනය යෙදෙන 2016.01.11 වන දින සවස 07.00ට අක්කර පනහ සමෘද්ධිගම ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
දේශකයාණන් වහන්සේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේයි.
.