පිටිපන වීදියේ විසූ ජෙහාන් කුරේරා මහතා අප කවුරුත් ඇමතුවේ ‘ ජෙහාන් ” නමිනි. ඔහු පසුගිය කාලය පුරාම මීගමුව තුළ පොදු වැඩකටයුතු වෙනුවෙන් කැපවී ක්රියාකළ සමාජ ක්රියාකාරියෙකු වූවා සේම ප්රදේශයේ ජනතාව සමග ඉතාම සුහුදහීලි, සහයෝගාත්මක දිවි පෙවෙතක් ගතකළේය. මීගමුව කලපුව හා බැදුන පරිසරය රැකගැනිමට ජෙහාන් මහත් උද්යෝගයෙන් හා කැපවි ක්රියාකළ පුද්ගලයෙකි. හදිසි හෘද ආබාධයක් හේතුකොටගෙන ජුනි 06 වනදා ඔහු අභාවප්රාප්ත වූ අතර ඔහුගේ දේහයේ අවසන් කටයුතු ජුනි 08 වනදා සිදුකරන ලදී. මීපුර පුවත්පත ලෙස ඔහු පිළිබදව අපගේ සංවේගයත් ගෞරවයත් පුද තරමු.