ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනය ලංසාලාගෙන් මහනගර සභාවට යළිත් ගන්න ඔක් 31 දාට පෙර හැකිවෙයිද?

0
30

thugsමීගමුව මහනගර සභාවේ  මුදල් වැය කරමින් ඉදිකරන්නට යෙදුන ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනයේ වැඩකටයුතු වසර 2008 දි පමණ නිමවිමෙන් පසුව එහි ඉබි යතුරු කිසිවිටකත් මීගමුව මහනගර සභාව භාරයට පත්වුයේ නැත.
එහි භාරකාරිත්වය නිමල් ලංසා විසින් පවරා දි තිබුනේ තමන්ගේ ගෝලබාලයන් වෙතය. මේ එක් අයෙකු වන්නේ මීගමුව මහනගර සභාවේ අදායම් නිලධාරියෙකු වන ජයනාත් නැමැත්තාය.
ඔහු මීගමුවෙ රාජ්‍ය දේපල අල්ලාගෙන කෝටි ගණන් මුදල් හම්බ කිරිමේ යෙදුන අයෙකු බව මුළු මීගමුවේම දැන් ප්‍රසිද්ධය.
නගරමැදින් ගලායන ප්‍රධාන කාණුවක රක්ෂිත කොටසද අල්ලා CIB එක අසල කඩකාමර 6 කින් යුත් දෙමහල් ගොඩනැගිල්ලේ හිමිකරුවා වන්නේද ඔහුය.
මේ පසුබිම යටතේ මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරිය විසින් කඩොල් කැලේ ගෘහස්ත ක්‍රිඩාංගනය මහනගර සභාවේ අයිතියට ලබාදෙන ඉල්ලා ලිපියක් යවා ඇතැයි වාර්ථා වන අතර එයට අනුව ඔක්තෝබර් 31 වනදා ට පෙර එය නගර සභාව වෙත පැවරිය යුතුව තිබේ.
එහෙත් මේ ගැන උරණව ඇති ලංසා පවුලේ අය වලුන් පරිපාලන අධිකාරිය වෙත දන්වා ඇත්තේ එය නගර සභාවට භාර දෙනවා වෙනුවෙට අපි ඒකට නඩු කියනවා යැයි කියාය.
මීගමුවේ ඇත්ත තත්වය මෙයයි.
එය පාලනය කරන්නෙ එක් පවුලක් විසින් මිස නගර සභාවක් විසින් නොවේ.
මේ කල්ලි පාලනයෙන් මීගමුව සැබෑවටම මුදවාගත් පසුව පමණක් එයට යහපාලනය ලගා වෙනු ඇත.