ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්තවේ.

0
36
ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයකු වූ වික්ටර් අයිවන් මහතා (මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන්) 1971 කැරැල්ලෙ 7 ව චූදිතයා  විය. පොඩි අතුල නමින් ජවිපෙ තුළ කටයුතු කළ ඒ මහතා පසු කාලිනව පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පූර්ණ කාලීන ජනමාධ්‍ය‍ය වේදියකු ලෙස කටයුතු කළේය.

අසූව දශකය අගභාගයේ (1986 ) මෙරට රාජ්‍ය හා ජවිපෙ දේශපාලන භීෂණ සමයේ දී ඊට එරෙහිව රාවය මාසික සඟරාව ආරම්භ කළේය. රාවය ආරම්භක අවධියේම  අතිශය විවාදාත්මක  සහ ජනප්‍රියතම සඟරාවක් විය. පසුව එය ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ විකල්ප පුවත් පතක් ලෙසත් බ්‍රොඩ්ෂීට් ප්‍රමාණයේ ඉරිදා පුවත් පතක් ලෙසත් අතිශය වැදගත් තීරණාත්මක කාර්යභාරයක් සිදු කරනු ලැබීය. විශේෂයෙන්ම නීතිය සහ අධිකරණ ක්ෂේත්‍රයට ඔහු ප්‍රබල විවේචනාත්මක සංවාදයක් ගෙන අවේය.

එසේම ග්‍රන්ථ ගනනාවක කතුවරයෙක් විය. එසේම දේශකයකු ලෙස සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන්  විශාල මතවාදී  මැදිහත් වීමක් සිදු කළේය.
අයිවන් මහතා  මාස කිහිපයක සිට අසනීප තත්වයෙන් රෝහල ගත වී සිටි අතර මියයන විට 76 වියේ පසු වූ ඔහු 1949 ජුනි 26 වන දින උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙනි.

අවසන් කටයුතු හෙට (20) ගාල්ල රුහුණු මල් ශාලාවේදී පැවැත්වේ.

අයිවන් මහාතා විසින් කළ ග්‍රන්ථ

අඳ ගොවිතැනේ අභියෝගය 1979 71 කැරැල්ල 1979
අර්බුදයේ ගමන් මග 1988
දෙමළ අභියෝගය 1989
ශ්රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994
ප්රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
නිදහස, ජාතික ඒකාග්රතාව හා දේශපාලනයේ පවුල් පොරය 1999
නොනිමි අරගලය 2003
කදුළු සලන පාරාදීසය 2006
පන්සලේ විප්ලවය 2006
චෞර රැජින 2006
පෑන අහිංසකද? 2009
චෞර රාජ්යය 2010
ප්රභාකරන් පරාජය කිරීම 2010
මට පෙනෙන හැටි 2010
දේශපාලනයේ පවුල හා කුලය 2011
ලංකාව ගලවා ගැනීම 2011
දෙමළ අභියෝගය 2012
අවසානය කුමක්ද? 2012
ජීවිතයේ ප්රබෝධය, මරණයේ අසිරිය 2013
අර්බුදයේ අන්දරය, 1815 – යටත් විජිත යුගයේ සිට 2009 – ඊලාම් යුද්ධයේ අවසානය දක්වා 2012

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here