ජොන්සන් ගාර්ඩන් ” හී කාණු ප‍්‍රශ්නයක්

0
199
                            ජොන්සන් ගාර්ඩන් ” හී කාණු ප‍්‍රශ්නයක්

          මෙම ඡුයාරූපයේ දැක්වෙන්නේ , මීගමුව- කිඹුලපිටිය ප‍්‍රධාන මාර්ගයේ අක්කරපනහ ප‍්‍රදේශයේ මිඞ්ලන්ඞ් දේපල අලෙවි ආයතනය විසින් කොටස් කර අලෙවි කෙරුණු ” ජොන්සන් ගාර්ඩන් ” හී ප‍්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමකි. එම ඉඩම අසල මාර්ගයේ ඉදිකල අංක 2/3 බෝක්කුවද වේ. මෙම ඉඩමේ හිමිකරු විසින් සිය ඉඩම වටා තාප්පයක් ඉදිකර ඇති අතර එම තාප්පය ඉදිකිරීමේදී එම ඉඩමට එක් පසෙකින් මායිම් වන අප ජලය සහ වැසි ජලය බැසයාමට සකස් කර ඇති අඩි 02 කට පමණ වැඩි පළලකින් යුත් කාණු මාර්ගයක් ද නිතී විරෝධීව තම ඉඩමට යා කර ගෙන ඇත. අදාළ දේපල ආයතනය විසින් මෙම මු`ඵ ඉඩම කොටස් කර අලෙවි කිරිමේදී සකස් කර ඇති මෙම කාණු මාර්ගය මේ අනුව අයත් වන්නේ කටාන ප‍්‍රාදේශිය සභාවටය. මෙම ප‍්‍රදේශය සු`ඵ වර්ෂාවකදී හෝ ගංවතුර තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩි අතර මේ ආකාරයෙන් පොදු කාණු මාර්ග එක් අයෙකු සතු වීම තුළ එම කාණු මාර්ග වැසී යාමට වැඩි ඉඩකඩක් පවතී. එසේ වුවහොත් වැසි ජලය සහ අප ජලය බැසයාමට බධාවන් ඇති විය හැකිය . එවැනි තත්වයක් ප‍්‍රදේශයේ ජනතාවට අයහපත් ලෙස සහ අහිතකර ලෙස බලපෑමට පිලිවන. කෙසේ වුවද පොදු කාණුවක් හෝ පොදු ඇල මාර්ගයක් පෞද්ගලිකව තම ඉඩමට යා කර ගැනීම නීති විරෝධීය. ඇල මාර්ගයක් වේ නම් එහි දෙපස වෙනමම රක්ෂිත පෙදෙසක් පවා වෙන් කර තාප්ප හෝ වෙනත් පෞද්ගලික ඉදිකිරීමක් කිරීමට යම් ආකාරයක අවසරයක් ඇති අතර ඡුායාරූපයෙන් දැක්වෙන ආකාරයට සිදු කිරීම සම්පුර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තකි.

           මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෙම ඉඩම පිහිටි ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරී ප‍්‍රැන්සිස් මාකස් කුමාරසිංහ මහතා පැවසුවේ මෙම කාණුව කටාන ප‍්‍රදේශීය සභාවට අයත් බවයි. එලෙස පොදු කාණුවක් පෞද්ගලිකව ඉඩමකට යා කිරීම නීති විරෝධි බවද ඔහු පැවසීය. මේ පිලිබ`දව තමන් හරි හැටි නොදැන සිටි බවත් එලෙස නීති විරෝධී කටයුත්තක් සිදු වී ඇත්නම් තම රාජකාරී බලතල අනුව කටයුතු කිරීමට උත්සුක වන බවද ඔහු පැවසීය. එලෙසම මිඞ්ලන්ඞ් දේපල අලෙවි ආයතනය මෙම මු`ඵ ඉඩම කොටස් කිරීමේදී මෙම කාණුව සකස් කලේ තමාගේ මුලිකත්වයෙන් යුතුව බව ඔහු අවධාරනය කරයි. එලෙසම ඔහු පෙන්වා දෙන්නේ මේ ප‍්‍රදේශයේ මෙවැනි නීති විරෝධී කටයුතු කිහිපයක්ම පසුගිය කාලයේදී සිදුව ඇති බවත් එහිදී තමා සතු බලතල අනුව කටයුතු කර ඇති බවයි. ඒ අනුව මෙහිදීද තම බලතල අනුව කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.