ජෝන් ඇමතිගේ ”චුට්ටේ” මීපුරට කථා කරයි

0
49

Johnමේ දිනවල අප වෙබ් අඩිවියේ උණුසුම් පුවතක් බවට පත්ව ඇති රෝස් ප්‍රනාන්දු සහ ඇමති ජොන් අවුලය.
මේ ගැටුමට මුල් ව ඇත්තේ නිත්‍යාණුකූල ලෙස ටෙන්ඩර මගින් ලබාගත් ගුවන්තොටුපල කුලී රථ කවුලුවට අදාලව ජෝන් ඇමතිට උදව්කළ චුට්ටේ ඇතුළු තවමත් 4 දෙනෙකුටද ධාවන බලපත්  ඉල්ලා සිටිමය.
චුට්ටේ යනු විවිධ කණ්ඩායම්වලට සම්බන්ධ කම් තිබුණ ශ්‍රිලනිප පාක්ෂිකයෙකු යැයි රෝස් ප්‍රනාන්දු මන්ත්‍රිවරිය කියා සිටිද්දි මීපුර අමතා ඊයේ රාත්‍රියේ කථා කළ සමන්ත හෙවත් චුට්ටේ නැමැත්තා කියා සිටියේ තමන් ප්‍රේමදාස යුගයේ සිටම ඉන්න හොද එජාප ක්‍රියාකාරිකයෙකු බවය.
එමෙන්ම ජෝන් ඇමති සමිපයේම කලක සිට වැඩකළ අයෙකු බවද ඔහු තවදුරත් කියා සිටියේය.
එහෙත් අද පැවැති පුවත්පත් සාකච්ජාවකදිද රෝස් ප්‍රනාන්දු මන්ත්‍රිවරිය කියා සිටියේ ජෝන් අමරතුංග ඇමතිවරයා මේ උත්සාහ කරන්නේ ජිම් බැන්ඩ් කල්ලිවල සමාජිකයන්ට උදව් කිරිමට බවය.