ජෝශප්ලා හමුවිමට මානව හිමිකම් කොමිසමටත් අවසර නොදේ !

0
64

ජෝෂප් ස්ටාලිං, තැන්නේ හිමි ඇතුළු පිරිස හමුවන්ට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවසර නෑ. නිරෝධායන නියෝග නෑ. රැඳවුම් නියෝග නෑ.
අවනීතිය විතරමයි!

මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පළාත් භාර නිලධාරීන් අද මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගොස් එහි රදවා සිටින ජෝෂප් ස්ටාලිං ඇතුළු පිරිස හමුවීමට උත්සහ දරා ඇතත් එයට අවස්ථාව ලැබී නැත.

අද පෙරවරුවේ ස්ටාලිං ඇතුළු පිරිස තමන් රදවාගෙන සිටීමට අදාළ නියෝගයේ පිටපතක් ගුවන් හමුදා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති නමුත් හමුදා කඳවුරේ නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන්ට එවැනි නියෝගයක් ලැබී නොමැති බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් පවසන්නේ තම සංවිධානයේ කිසිදු නිලධාරීයෙකු මේ පිරිස නිරෝධානයන කිරීම සඳහා වන නියෝගය අත්සන් කර නොමැති බවයි. නිරෝධායන නියෝග නිකුත් කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පමණී.

මේ අතර නීතිඥවරුන් කණ්ඩායම් ජෝෂප් අතුළු පිරිසට ඇප ලබාදීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම ගැන ඔවුන්ට පුද්ගලිකව නඩු පැවරීමට කටයුතු සුදානම් කරමින් සිටී. පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ තරාතිර‍මෛ් 14 දෙනෙකුට මෙලෙස පුද්ගලිකව නඩු පැවරීමට හදුණාගෙන ඇතැයි වාර්තාවේ. මරණ දඩුවම නියම වූ සිරකරුවන් පවා හමුවීමට මානව හිමිකම් කොමිෂන් සභාවට හැකියාව ඇත. කිසිදු චෝදනාවක් නොමැතිව, පීසීආර් පරීක්ෂණ පවා නෙගටිව් වී ඇති වෘත්තීය සමිති නායකයින්, සමාජ ක්‍රියාකාරීන් හමුවීමට බාධා කිරීම නීතියක් නැති රටක ව්‍යවහාරයකි.

(කිර්ති තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුවෙනි )