ජෝශප්වාස් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ ශාඛාවක් මිලානෝ වලටත් !

0
61

tmp_3368-received_1332364586851643-2096535451tmp_3368-received_1332364423518326-1343309678වෙන්නප්පුව ශා.ජෝශප් වාස් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ ශාඛාවක් සයුරෙන් එතෙරට අප රට තුල කිතු දහම පැතිර වීමට අති දුෂ්කර කාර්‍ය භාරයක් කලාවූ ශා ජෝශප් වාස් මුනිතුමන්ගේ නමින් කැපකර ඇති දිවයිනේ එකම ජාතික පාසැල වන වෙන්නප්පුව ශා .ජෝශප් වාස් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සමිති ශාඛාවක් ඉතාලියේ මිලානෝ නුවරදී පසුගිය 22 දින වත්මන් විදුහල්පති ගරු ප්‍රියන්ජීව ගුණරත්න පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උලෙළ සමග මහ සභා රැස්වීමක් මගින් අභිනව නිලධාරි මඩුල්ලක් තෝරා පත් කර ගැනීම,විශාල ආදිසිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් අභිමානවත් ලෙස සිදුවිය .ක්ෂේත්‍රයේ වගකීම් දරණ ඉතාලි ජාතික නිලධාරීන්ගේද නියෝජනයෙන් පැවති මෙම උත්සවයේදී පාසැල් ගීය ගායනා කිරීමෙන් හා සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් සභාවේ කටයුතු ආරම්භ වූ අතර විදුහලේ විශේෂ සිහිවටනයන් ගෙන් සමන්විත සේයාරූ සහිත කෙටි වීඩියෝ රූප රාමු පෙල තිරයක දිස් වීමට සැලැස්වීම මගින් සියලුම ආදි සිසුන්ගේ අතීත මතකය යලි ආවර්ජනය විය .විදුහලේ චිරස්ථතිය ,හා අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමේ අදිටනින් පත් කර ගන්නා ලද නව නිලධාරි මන්ඩලයේ අනුශාසක වරුන් වන්නේ ආදි සිසුවකුද වන ඉතාලි කතෝලික සභාවේ තරුණ පූජාප්‍රසාදි තුමෙකු වන ගරු ආසිරි විජේතුංග පියතුමා සහ ආදි සිසුවෙකු මෙන්ම ආදි ගුරුවරයෙකුද වන කුමාර් ප්‍රනාන්දු දෙපළයි .tmp_3368-received_13323642135183471474716752විපුල් ප්‍රනාන්දු මහතා සභාපති ලෙසත් ලෙස්ලි ලෝව් මහතා ලේකම් ලෙසත් ,භාන්ඩාගාරික ලෙස ක්‍රිශන්ත ප්‍රනාන්දු මහතාද උප ලේකම් ලෙස ශෂී ලෝව් මහතා සහ උප සභාපති ලෙස උදිත මහතාද පත්වූ අතර තවත් නිලධාරින් 11 දෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක්ද පත් විය .ගරුවිදුහල්පති පියතුමා ,ගරු ආසිරි විජේතුංග පියතුමා ,ඉතාලි නියෝජිතයින් ,කුමාර් ප්‍රනාන්දු හා හේමචන්ද්‍ර සිරිසේන ගුරු පිය වරුන් හා,සභාපති,ලේකම් දෙපල සභාව අමතා කතා කල අතර නිවේදන කටයුතු ප්‍රදීප් චතුරංග මහතාගේ මනස්කාන්ත අරුත් වලින් ඔපවත් විය .විදුහල බිහිකල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් හා විද්වතුන් පිලිබඳවද විදුහලේ වත්මන් තත්වය හා අනාගත සැලසුම් පිලිබඳවද ගරු විදුහල්පති පියතුමන්ගේ අරුත්බර දෙසුම සැමගේ සැපැසසුමට ලක්විය .ජාතික ගීයෙන් පසුව සුලු ආහාරපාන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණි .වැඩි විස්තර සඳහා පහත අංක අමතන මෙන් සංවිධායකයින් දන්වා සිටිති .ලේකම් -ලෙස්ලි ලෝව් 3287554151 සභාපති විපුල් ප්‍රනාන්දු 3888178583 අනුශාසක කුමාර් ප්‍රනාන්දු 3398950982tmp_3368-received_1332363900185045364867425ලෙස්ලි ලෝව් මි⁣ලානෝ නුවර සිට…..