ජෝශප් ඇතුළු පිරිස හමුවිමට ගිය අයට හමුදාවෙන් තහංචි !

0
69

ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට ගිය ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකට ආරක්ෂක අංශය වලින් අද (15) දැඩි බාධා එල්ල වී තිබුණි.

එම පිරිසට ස්ටාලින් ඇතුළු පිරිස හමුවීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔවුන් රැගෙන ගිය බඩු භාණ්ඩ ගුවන් හමුදාව භාරයට ගත් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර කොට ඇත.මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීම සඳහා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් 16 දෙනෙකු අද පෙරවරුවේ ගොස් තිබිණ.

මේ අතර මුලිතිව්හි සිටින ප්‍රාදේශිය මාධ්‍යවේදින් මිපුර අමතා ප්‍රකාශ කර සිටියේ මුලතිව් දක්වා හමුදා මුර කපොලු වලට වෙනදාට වඩා විශාල භට පිරිස් අනුයුක්ත කොට තිබි ඇති අතර ඒ් සෑම මුර පොලක් හරහා ගිය සෑම අයෙකුවම දැඩි පරික්ෂාවකට ලක් කර ඇති බවය.

ඊට ප්‍රධාන හේතුව වි තිබුනේ ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස හමුවිමට වෘත්තිය සමිති ක්‍රියාධරයන් මුලතිව් කර පැමිණෙමින් සිටි නිසාය.
කෙසේ වෙතත් මෙසේ හා පිරිස් වලින් කණ්ඩායම් කිපයක්ම හරවා යවා තිබුණ අතර ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු කිපදෙනෙකුට පමණක් මුලතිව් කදවුරට පැමිණිමට අවසර ලැබි තිබුණද ඔවුන් විසින් රැගෙන ආ නිවෙස් වල පිසින ලද ආහාර නිරෝධායනයේ යෙදි සිටින පිරිසට ලබාදිමට අවසර නොදි තිබුණ අතර පැකට් කරන ලද දේවල් පමණක් ලබාදිමට අවසර ලැබි තිබුණ බව සැලය.