ඥානසාරලාගෙන් ටියුෂන් ගත්තු මීගමුවේ කතෝලික පියතුමා කව්ද ?

0
48

මරාගේ පාලනයත් සමගින් ඥාානසාර නිකායේ චණ්ඩි දේශපාලනයටද යම් තරමකට තිත තැබෙන්නට පටන්ගත්තේය.
යහපාලනය තුල යළිත්  ඥාානසාර බිහිවෙයිද යන්න ගැන සැකයක් එලෙසම තිබියදි රජයේ පාසැලකට පැමිණි එක්තරා කතෝලික පියතුමෙකු  ඒ පාසැලේ විදුහල්පතිවරයාට එක්තරා අන්දමකට තර්ජනය කරමින් පාසැලෙන් එලවන බවට කියා සිටි පුවතක් මීගමුවෙන් වාර්තා වේ.
ඔහු වෙනත් ආගමකට සම්බන්ධ විදුහල්පතිවරයෙකු බවද දැනගන්නට ඇත.
යුද්ධයෙන් දෙමව්පියන් අහිමි වු අන්තදිළිදු දමිළ දරුවන් ටික දෙනෙකු පමණක් සිටින මේ පාසැල නගා සිටුවිම සදහා මේ විදුහල්පතිවරයා මහත් වෙහෙසක් ගත් බව මීපුර වෙබ් අඩවියේ අප සැවොම ඉතාමත් හොදින් දනිමු.
තතු එසේව තිබියදි ඒ අමාරු කාලයන්හිදි පාසැල් ගැන කිසිදු සොයා බැලිමක් නොකළ මේ පියතුමා දැන් පාසැලට පැමිණ කියන්නේ තමන්ගේ ආගමික සාස්තෘවරයාණන්ගේ දහමට ඉදුරාම පටහැනි කථාවකි. එය ගැලපෙන්නේ ඥාානසාරලාගේ  නිකායටම පමණි.
‘‘………මට තියෙන්නේ පල්ලියේ සිනුව ගහන්න විතරයි මම තාම ගැහැව්වේ නෑ මොකද කියන්නේ ගහන්නද එහෙම වුනොත් වැඩ වරදියි……… යන අදහසක් මතුවන විදියේ තර්ජනයක්  පියතුමා විසින් සිදුකරනු ලබයි.මේ පියතුමා සිය දහමේ හරයන්ට පමණක් නොව රාජ්‍ය නිතියටද එහා යමින් කිට්ටු වෙමින් සිටින්නේ ප්‍රැන්සිස් පාප්තුමන් වෙතට නොව ඥාානසාර නිකාය වෙතය..එපමණක් නොව එ් පියතුමන් ඒ අවස්ථාවේ හැසිරි අන්දම ඉතාමත් අශිලාචාරය. අප අවැසි නම් මේ සියල්ල ඉදිරියේදි හෙළිකරන්නටද සුදානමින් සිටිමු.
මීගමුව යනු දේදුනු නගරයකි.
සියළු ජාතින් සහ අගම් සාමයෙන් විසු ඉතිහාසකයට එය නැකම් කියයි.
එහෙත් තම දහමටච  එරෙහිව යන මෙවැනි පියතුමන්ලා මේ සැරසෙන්නේ දේදුණු නගරයට ඥාානසාරලාගේ ගොම බෙටි අතුරන්නටද ?

Save

Save

Save

Save