ටවර් ප්‍රභාෂ්වර” මෙවර අරලගන්විල දී

0
477

17

ටවර් හෝල් යුගයේ නූතන සම්ප්‍රාප්තිය ටවර් ප්‍රභාශ්වර  ප්‍රසංගය  හෙට එනම් 2024/08/14 බදාදා දින අරලගන්විලදී පැවැත්වේ.. අරලගන්විල, මහවැලි ප්‍රතිභා ශාලාවේදී පස්වරු 6.30 ට මෙම ප්‍රසංගය පැවැත්වේ.

අරලගන්විල “විලයාය” ජාතික පාසලේ ගරු විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි පැවැත්වෙන මේ ප්‍රසංගය එම ජාතික පාසලේ සිසු දරුදැරියන් වෙනුවෙන් පැවැත්වේ.

ඉපැරණි නූර්ති, නාඩගම්, ග්‍රැමර්ෆෝන් හා ටීටර් නාට්‍ය ජවනිකා අංගයන්ගෙන් සමන්විත මෙම ප්‍රසංගය සෞන්දර්ය විෂයන් හා සිංහල විෂය හදාරනු ලබන සිසු දරු දැරියන්ටත් එලෙසම එම විෂයන් උගන්වනු ලබන ගුරු භවතුන්ටත් එකසේ වැදගත් වන අතර විශේෂයෙන් ප්‍රේක්ෂක ජනතාවගේ රසාස්වාදනය වර්ධනය කිරීම සඳහා නිර්මාණය වු වැඩසටහනකි.

ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලෙන් නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමාව හිමි කරගත් සහ  මේ වන විට කලා ක්ෂේත්‍රයේ  නියැලෙන ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ සහ ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රසංගය හැඩ වැඩ වේ. එලෙසම මෙම ප්‍රසංගය සඳහා ටවර් හෝල් යොවුන් වාද්‍ය වෘන්දය  මගින් සංගීතය සපයන අතර ප්‍රවීණ ගායන හා රංගන ශිල්පියකු වන යොහාන් රණසිංහ කලාකරුවා මෙම ප්‍රසංගයේ නිවේදක ශිල්පියා ලෙස කටයුතු  කරනු ලබයි.

මෙම වැඩසටහන පැවැත්වීම සඳහා ටවර් හෝල් රඟහල පදනම මගින්  රුපියල් ලක්ෂ 06 කට අධික මුදලක් වැය කිරීමට ද නියමිත ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here