ටවර් හෝල් රඟහල පදනමේ, අධ්‍යාපනික රසවින්දන වැඩසටහන යලිත්.

0
151

….

ටවර් හෝල් රඟහල පදනම මගින් පාසල් ළමුන් සඳහා ඉදිරිපත් කරනු ලබන රසවින්දන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් එළඹෙන ජුලි 16 සහ 17 යන දෙදින තුලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, මෙම අධ්‍යාපනික රසවින්දන වැඩසටහන, එළඹෙන ජූලි 16 වැනිදා පෙරවරු 10.00 ට සූරියවැව ජාතික පාසලේ පූර්ණ අනුග්‍රහයෙන්, සූරියවැව නගර ශාලාවේදී පැවැත්වේ.

එලෙසම එළඹෙන ජුලි 17 වැනිදා පෙරවරු 9.30 ට ගාල්ල, රත්ගම ,දේව පතිරාජ විද්‍යාලයේදී ද මෙම අධ්‍යාපනික රසවින්දන වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

එම වැඩසටහන සංවිධානය කරන්නේ එම විද්‍යාලීය සිංහල හා සෞන්දර්ය අංශය විසිනි. මෙම අධ්‍යාපන රසවින්දන වැඩසටහන, කථිකාචාර්ය , ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබයි.