ට්‍රම්ප් සහ USAID සිවිල් සමාජයේ ප්‍රධාන මාතෘකාවක්ද ?

0
38

( 11.30 am ) ඇමෙරිකානු රජයේ USAiD ආයතනය (සංවර්ධන ආධාර පිළිබඳ ඇමෙරිකානු ආයතනය) විසින් ලොව විවිධ රටවලට සපයන සංවර්ධන ආධාර අත්හිටුවීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා එම ආයතනයෙන් ආධාර ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන 4000 කට අධික පිරිසකගේ රැකියා අවදානමකට ලක්ව තිබෙන දේශය වෙබ් අඩවිය වාර්තා කර තිබේ

1961 ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ආරම්භ කළ USAiD ආයතනය විවිධ රටවල රාජ්‍ය නොවන සංවිධාන හරහා මානුෂීය ආධාර, කළමනාකරණ විෂයෙහි වූ ආධාර, ජීවනෝපාය සංවර්ධන ආධාර, සංක්‍රාන්තික යුක්තිය සඳහා වන ආධාර ආදී ක්ෂේත්‍ර රැසකට ආධාර සපයනු ලැබු බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

පසුගිය සතියේ අපට හිතවත් සිවිල් සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙකු කියා තිබුනේ ලංකාවේ බොහොමයක් සිවිල් සමාජ සංවිධාන අතර ප්‍රධාතම මාතෘකාවක් බවට ට්‍රම්ප් සහ USAID පත්ව ඇති බවය.

ඒ බොහෝ දෙනෙකුට ලැබෙන්නට නියමිතව ඇති  ඉතිරි ආධාර වාරිකද අහිමිවිම නිසා දැඩි අර්බුදයකට පත්ව තිබේ.

මේ අතර USAID අධාර මතම යැපුන ඇතැම් සිවිල් සංවිධාන වසා දැමිමේ තත්වයක්ද මේ වන විට නිර්මාණය වි ඇතැයි දැනගන්නට ඇත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here