ට්‍රම්ෆ්ගේ බදු නිදහස් වෙළඳ කලාපයට බලපාන විදිය ගැන පහුගිය දවසක නිදහස් වෙළඳ කලාපේ සිවිල් සංවිධාන කිපයක් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරල තිබුන.
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන 4ක් තමයි මේ මාධ්‍ය හමුවට එක්වවෙලා හිටියේ .
කම්කරු අයිතින් මෙන්ම කාන්තා අයිතින් මෙන්ම කාන්තා හිංසනයද මේ හමුවට එක්ව සිටි සංවිධාන පසුගිය කාලය තුල ශක්තිමත් ආකාරයෙන් පෙනි හිටපු වැදගත්ම ප්‍රශ්ණ
මේ වෙනුවෙන් විරෝධතා පවා සංවිධානය කිරිමට මේ සංවිධාන පෙරමුණ ගෙන තිබුණා.
මේ අතර මිට දින 10කට පෙර සීදුව ප්‍රදේශයේ තරුණියකට මිගමු රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකර තිබුන බව වාර්තා වි තිබුන අතර චෝදනා ලැබ සිටින වෛද්‍යවරයාව තවමත් අත්අඩංගුවට ගැනිමට පොලිසිය තවමත් අසමත්.
මේ වින්දිත තරුණියගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ වනතුරුත් සිවිල් සංවිධාන ,කාන්තා සංවිධාන හෝ ආගමික නායකයන් මැදිහත්ව වෙලා කියල නම් තාම දැනගන්න නෑ.
ඇවරිවත්තේ ඔරලොසු කණුව අසල පසුගිය කාලයේ කාන්තා හිංසනය ගැන විරෝධතා මෙන්ම ත්‍රීරොද රථ වල ලිංගික හිංසනයට විරුද්ධව ස්ටිකර් අලවන වැඩසහන්ද ක්‍රියාත්මක උනා නම් මතකයි.
බි.ආර්. ප්‍රනාන්දු
සීදුව