
පසුගිය දින කීපයක සිට මීගමුව කොතලාවල පාලම දෙපස මෝයට ආසන්න කලපු තීරුවේ මෙලෙස බහුදින යාත්‍රා රාශියක් නවතා තිඛෙන අයුරු දැකගත හැක.
ඈත මුහුදේ රැකියාවට ගිය ධිවරයින් මේ පැමිණ සිටින්නේ පාස්කුව සැමරිමටය
මෙසේ සති ගණනාවක් මුහුදේ සිටිමින් කරනු ලබන මේ රැකියාව ඔවුන් ට්‍රිප් බෝට්ටු රැකියාව ලෙසින්ද ඔවුන් හදුන්වති.
කෙසේ වෙතත් ඉදිරි දින කිපය තුල දැනට මුහදේ ඇති ඉතිරි බෝට්ටු සියල්ලද ගොඩබිම කරා පැමිණෙනු ඇත. මේ අනුව මහසිකුරදා වන විට මීගමුවෙන් මුහුදු ගිය කිසිදු බෝට්ටුවක් මුහුදේ නැතැයි අප අමතා කථා කළ බහුදින ධිවර යාත්‍රා හිමියෙකු කියා සිටියේය.