ට්‍රාන්ස්ෆෝමර් හොරකමට සම්බන්ධ දේශපාලකයෝ කව්ද ??

0
54

ලංකාවේ පළාත්පාලත ආයතන වල දේශපාලකයන් පිළිබද නිරන්තරයෙන්ම දැන් පුවත් මැවෙමින් තිබේ. ස්ත්‍රි දුෂණයන්ගේ සිට ළමා අපචාර දක්වාත් ,අල්ලස් ගැනිම් වල සිට හොරකම් දක්වාත් පරාසයක මේවා පැතිර යමින් තිබේ.
දශක 2කකට ආසන්න ජරාජිර්ණ වු දේශපාලනයක අස්වැන්න මේ අයුරින් කැපෙමින් තිබේ.
මහකකුළුවන් ඇදේටම යද්දි පොඩි කකුළුවන් යන්නේද ඇදේටමය.
එහෙත් මේ සියළු පොඩි කකුළු නායකයන් ටික 2013 ජුලි 31 වනදා විශේෂ සාකච්ජාවකට කැදවා ඇත්තේ  මේ අය විසින් පසුගිය කාලය තුල සිදුකරඇති සියළු නොහොබිනා කම් ගැන විමර්ශනයක යෙදෙන්නටය.
තතු එසේ වෙමින් තිබියදි කටුනායක සිදුව මහනගර සභාවේ මන්ත්‍රිවරයෙකුගේ අනුදැනුම මත එහි සේවකයන් දෙදෙනෙකු විසින් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් සොරකම් කිරිම පිළිබදව නඩුවක් 2013 ජුලි 19 වනදා මීගමුව මහේස්ස්‍රාත් අධිකරණයේදි විභාගයට ගැණුනි.
ගුවන් හමුදා කඳවුර මාර්ගයේ පිහිටි ඉඩමක වු මේ ට්‍රාන්ස්ෆෝමරය විදුලි බල මණ්ඩලයට අයත් වුවකි. කුරණ කටුනායක ප්‍රදේශයේ  ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු නගරාධිපතිවරයාගෙන් බැකෝ යන්ත්‍රයක් ඉල්ලා ඇත්තේ ඒ මන්ත්‍රිවරයාගෙ පාරවල් කිපයක වැඩකටයුත සදහා බවය.මේ බැකෝ යන්ත්‍රය යොදා ගනිමින් මේ ට්‍රාන්ස්ෙෆා්මරය ප්‍රවාහනය කර ඇත. එහි වටිනාකම රු ලක්ෂ දහයාමාරක් වන බව විදුලි බල මණ්ඩලය කියයි.
අත්අඩංගුවට ගැණුන සේවකයන් 2 දෙදෙනාට උසාවියේදි ඇප ඉල්ලා සිටියද පොලිසිය පවසා තිබුනේ පරික්ෂන කටයුතු තවමත්  අවසන්ව නැති නිසා ඇප දිමට තමන් විරුද්ධ බවය.
මීලඟ නඩුදිනය 2013 අගෝස්තු 2 වන දිනට යෙදි ඇත.