ට්‍රැක්ටර් වලින් මාදැල් ඇදිම සහ වැල්ලේ කරවල වේලිම….

0
263

මාදැල් වටකිරිමේදි දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ට්‍රැක්ටර් භාවිතා කිරිම මාධ්‍ය විසින් ප්‍රචාරය කිරිමත් සමඟින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුනේ ට්‍රැක්ටර් භාවිතය වහාම නතර කල යුතු බවය.ඒ අනුව තේරුම්ගත යුතුව ඇත්තේ මාධ්‍ය විසින් මේ ගැන පෙන්වා දෙන තෙක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානින් මේ ගැන කිසිවක් නොදැන සිටි ඇති බවය.

කෙසේ වෙතත් ධිවර කටයුතු භාරව සිටින පියතුමාට අනුව මාදැල් ඇදිම සඳහා ට්‍රැක්ටර් භාවිතා කිරිමට අවසර ලැබි ඇතැයි කියැවේ.

මේ අතර අප දන්නා තරමින් වෙනත් ප්‍රදේශවලද දැන් මාදැල් අදින්නේ ට්‍රැක්ටර් භාවිතා කරමිනි.සැබැවින්ම මෙය වෙරළ පරිසරයට බලපාන අන්දම ගැන ඇති තතු පරික්ෂා කොට නිසි පියවර රටටම බලපාන ලෙසින් තීරණය කිරිම වෙරළ සංරක්ෂණ ප්‍රධානින්ගේ වගකිමයි.

එමෙන්ම මිගමුවට ආදාල සුප්‍රකට මිගමු වැල්ල කරවල නිෂ්පාදනය සඳහා මිගමුවේ ඇතැම් දේශපාලකයන් විසින් සිය දේශපාලන වාසි තකා ලබාදිමත් සමගින් මේ වන විට ගැටළු රැසක් මතුව තිබේ.

ඇතැම් ජාතික මාධ්‍ය විසින්ද මේ ගැන කරුණු ප්‍රචාරය කර තිබේ.එහෙත් මිගමු වැල්ල යැයි එදා සිට රටේම දෙනා කතා කළ සුන්දර වෙරළ දැන් කරවල වාඩියක් බවට පත්කර තිබේ.

සැබැවින්ම අදාල බලධාරින් විසින් කළයුතුව ඇත්තේ කරවල නිෂ්පාදනය සඳහා විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් මිගමු වැල්ල යළිත් ස්ථාපිත කිරිමට අදාල කඩිනම් පියවරයන් ගැනිමය.