ට්‍රිප් එකට හෝටල් බුක් කරන්න ගිය කැබ් එකේ වියදම නගරාධිපතිගෙන්ද?

0
111

nhotelමහජන සෞඛ්‍ය නිළධාරින් දෙදෙනෙකු සහ ඉජිනේරුවරයෙකු විසින් මහනගර සභාවේ රතුපාට කැබ් රිය නුවරඑළියට ගෙනගොස් තිබුනේ ඉදිරිෙය්දි සෞඛ්‍ය අංශය විසින් යාමට සැලසුම් කර ඇති විනෝද චාරිකාවට  හෝටල් බුක් කිරි ම සදහාය.
මේ ගමනට කැබ් රථය යොදාගැනිමේ දි යන වියදම ගෙවනු ලබන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාද නැතිනම් නගරාධිපතිද?
මේ සම්බන්ධයෙන් අප රථවාහන භාරව සිටින නිලධාරියාගෙන් විමසන ලද අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ ගැන නොදන්නා බවය.එමෙන්ම නගර සභා වාහන වල දුර සටහන් කරනු ලබන විජේවර්ධන නැමැති නිළධාරියාගෙන් විමසා සිටි අවස්ථාෙව්දිම පවසා සිටියේ මේ ගැන සොයා බලා අපට දැනුම් දෙන බවය. එහෙත් එය එසේ වුයේ නැත.
මේ අනුව පෙනි යන්නේ මේ ගමනේ වියදම මීගමුවේ බදු ගෙවන ජනයාට ගෙවිමට සිදුවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here