ට්‍රිප් ස්විච් ගැලවුන මීගමුවේ හෙට දවස ????

0
65

මත්පෙත් සිය නිවෙස් වල අලෙවි කළ කාන්තාවන් 5 දෙනෙක් එක් රාත්‍රියක් තුලදි පමණක් අත්අඩංගුවට පත්වෙනවා යැයි කියන්නේ මීගමුව අද පත්ව ඇති තත්වයේ දිග පළලයි.
මේ සියළු ජවාරම් පසුගිය කාලය මෙසේ දුවද්දි මීගමුවේ පොලිසිය කලේ කුමක්දැයි අසන්නට සිදුවේ.
විශේෂයෙන්ම එක් සහකාර පොලිස් අධිකාරිවරයෙක් සම්ප්‍රාප්තියෙන් පසු මසක් තුලදි මීගමුවේ මත්පෙති ජවාරමේ යෙදුන සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ.
මෙහිදි මතු වෙන සරල ප්‍රශ්ණය වන්නේ පසුගිය වසර වලදි මිගමුවේ පොලිසියේ අය මේ ජාවාරම් නොදැන සිටියාද යන්නයි.?
බල්ලන් මරා හෝ සල්ලිහම්බකළ යුතු යැයි සිතන න්‍යායයෙන් පොලිසියත් කළින් කටයුතු කර තිබුනේ ද
මීගමුවේ කතෝලික පල්ලියේ ආචර්ය උපාධියකටද හිමිකම් කියන කලාපිය අනුනායක තුමන් අද මීගමුව තුල ක්‍රියාක්මක වන්නේ කෙසේද?
අධිපති සහ අධිකාරිවාදි අද රට පුරා පතුරුවාලන බොදු බල සේනාවන්ගේ ම කතෝලික බඩිය වනවාද නැද්ද යන්න තිරණය කිරිම සදහා මීගමුව තවත් කොයිතරම් නම් විනාශ විය යුතුද????