ටිපර් රථයට යටවූ තරුණයාගේ දේහය කිසිවෙකුත් බාරගෙන නෑ

0
95

(2.24pm)පසුගිය ජූලි 10 වනදා කට්ටුව කනත්ත අසලදී වැලි පටවාගත් ටිපර් රථයකට යතුරු පැදියකින් ගමන්ගත් තරුණයෙකු  හැපීමෙන් එම තරුණයා මිය ගියේය. ටිපර් රථයේ රියදුරාව මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙහිදී  අධිකරණය විසින් ඔහුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කර තිබේ.  මිය ගිය තරුණයාගේ ඥාතීන් විසින් ඔහුගේ දේහය හඳුනාගෙන ඇති  නමුත් දේහය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත. එම හේතුව නිසා  ටිපර් රථයේ රියදුරා  විසින් ඔහුගේ වියදමින් එම තරුණයාගේ දේහය භූමදානය ක ඇති බව පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි.IMG-20180711-WA0018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here