ටියුෂන් ගුරුවරුන්ට ඩෙංගු ..??

0
52

 Negombo-News මීගමුව තුල යළිත් ඩෙංගු පැතිර යාමේ තර්ජනයක් මතුව තිබේ.විශේෂයෙන්ම දෙසැම්බර් මාසයට සාපේක්ෂව සංඛ්‍යා දත්ත අනුසාරයෙන් රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ ඩෙංගු වල අඩුවිමකි.

එහෙත් පසුගිය මාස තුනක පමණ කාලය ගැන විමර්ශනය කරන කළ මීගමුවේ විවිධ ස්ථානවල පුද්ගලික පංති වල ගුරුවරුන් කිපදෙනෙකුම ඩෙංගු රෝගයට ගොදුරුවිමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර අදාල කාල සිමාව තුල අප වෙත වාර්ථා වු ඩෙංගු වැළදුන ගුරුවරුන් ගණන 5 ක් පමණ වේ.

මේ එක් ගුරුවරයෙක් මේ මොහොත වන විටත් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැව් වාර්ථා වේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්වය දැන් හොද අතට හැරී ඇත.