ටියුෂන් මුදලාලිලාගේ ශිෂ්‍යත්ව ප්‍රෝඩාව

0
71

stack-textbooks-school_~k2692219මේ දිනවල උසස්පෙළ ප්‍රතිපල ලැබුණු සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි දරුවන්ට විවිධ පාඨමාලා සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලිපි සහ පාඨමාලා ගාස්තු අඩුවන ශිෂ්‍යත්ව තෑගි වවුචර සහිත ලියුම් දෙක තුනක් වත් දිනකට ලැබීම සුබල කරුණකි මේවායේ සදහන්වන්නේ පාඨමාලා ගාස්තුවෙන් යම් ප්‍රතිශතයක් අඩුවනබව පමණි පාඨමාලාව සදහා සාමන්‍යයෙන් අයකරන ගාස්තු සදහන් නොකිරීමට මෙම ආයතන පරිස්සම්වි ඇත

මේ ලියුම්කරුගේ අදහස නිසි අවබෝදයක් නොමැති දරුවන් සහ දෙමවුපියන් මෙමගින් යම් මුලාකිරිමකට හසුකරගන්නා නිසා බලධාරින්ගේ අවධානය මේ පිලිබදව යොමු කලයුතුබවයි දරුවකුගේ විභාග ප්‍රතිඵලය සදහා වන සම්පුර්ණ අයිතිය තමන්ගේ යැයි සමාජයට පෙන්වීමට සමහර උපකාරක පන්ති පවත්වන ගුරුවරු මේ දිනවල විශාල තරගයක යෙදීසිටි දරුවන්ගේ ජයග්‍රහණය දෙමවුපියන් ගුරුවරුන් මෙන්ම දරුවාද ඇතුළු කණ්ඩායමක ප්‍රතිපලයකි උසස්පෙළ A සාමාර්ථ ලබාගත් සිසුන් තමන්ගේම ඉගැන්වීමේ දක්ෂතාවයේ ප්‍රතිපලයක් යැයි මතයක් දරුවන් අතර ගොඩනැගීම සදහා විවිධ උපක්ක්‍රම අනුගමනය කරනු දක්කනට ඇත

උසස්පෙළ A සාමාර්ථ ලබාගත් දරුවන්ගේ දක්ෂතා ඇගයීමේ මුවාවෙන් දරුවන් කැදවා කිසිදු වටිනාකමක්නැති පාඨමාලාවක ශිෂ්‍යත්වයක් ගාස්තු අඩුවන තෑගි වවුචරයක් පිරිනමා එම දරුවන්ගේ ජයාරූප නම් විභාග අංක උපකාරක පන්තිවල අත්පත්‍රිකා බැනර් සදහා යොදාගැනීම මගින් මෙන්ම දරුවන් ලවා තමන්ගේ විභාග ප්‍රතිපලයේ එකම හිමිකරු උපකාරක පන්ති ගුරුවරයා ලෙස ප්‍රකාශ ලබාගෙන ඒවා ප්‍රචාරණයකර වැඩිපිරිසක් තම උපකාරක පන්තියට ගෙන්වා ගැනිමට උත්සාහ ගැනීම අනුන්ගේ මනාපෙත් තමාගේ ගොඩට ගැනීමට ජනතාවගේ බදු මුදලින් කරනලද සවර්ධන කාර්යකට තමන්ගේ වියදමින් කරනලද වැඩක් ලෙස පෙන්වීමට උත්සාහ ගන්නා කපටි දේසපලකයෙකුගේ උත්සහයක්හා සමාන යැයි දෙමවුපියන් ප්‍රකාශ කරති

මෙවැනි ඇගයීමේ වැඩ සටහනකට සහබාගීවූ දරුවකුට දී තිබෙන විශ්වවිද්‍යාල ආයතනයක නමින් නිකුත්කරන ලද ශිෂ්‍යත්වයක වලංගු කාලය පෙබරවාරි 30 ලෙස දක්වා ඇත මෙම ලියුම්කරු ලිපි ශිර්ෂයේ දක්වාඇති වෙබ්අඩවිය පිරික්ෂා බැලු අවස්ථාවේදී මීගමුවේ මේ නමින් විශ්වවිද්‍යාල ආයතනයක් නොතිබිණි මේ පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය වහාම යොමුවියයුතුය අතර සුදුසුකම් නොමැති ආයතන විශ්වවිද්‍යාලක් ලෙස පෙනීසිටිනවානම් ඒවාටඑරහිව නීතියට අනුව කටයතු කිරීමද බලධාරීන්ගේ වගකීමකි

වසන්ත බණ්ඩාර