ටෙනිස් ගහන දරුවන්ගේ දෙමව්පියන් හමුවෙන්න කොමසාරිස් බෑ කිව්වේ ඇයි ?

0
51

1දශකයකට ආසන්න කාලයක් දේශපාලන හෙංචයියන්ගේ අතේ තිබුන මීගමුව කඩොල් කැලේ ටෙනිස් පිට්ටනියේ පාලනය 2016 දෙසැම්බර් 01 වනදා සිට මහනගර සභාවට හිමිව ඇත.
මෙහි ඉදිරි පරිපාලන කටයුතු සිදුකළ යුත්තේ කෙසේද යන්න ගැන මෙහි ටෙනිස් ක්‍රිඩාවේ යෙදෙන දරුවන්ගේ දෙමපියන් සමගින් සාකච්ජාවක් මීට පෙර අවස්ථාවක පැවති අතර එහිදි තින්දු කරනු ලැබුනේ ලබන ජනවාරියේ විධිමත් වැඩපිළිවෙලක් මේ සදහා නිර්මාණය වන තෙක් මුදල් ගෙවා ටෙනිස් පිටිය වෙන්කරගෙන ක්‍රිඩා කිරිමට මේ දරුවන්ට හැකි බවය.
එහෙත් ඒ තින්දුව හිතුවක්කාර ලෙසින් වෙනස් කරමින් දැන් වෙනස් සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇතැයි මේ දෙමව්පියෝ චෝදනා කරති.
එපමණක් නොව මේ ගැන විමසිම සදහා බදාදා දිනයේ නාගරික කොමසාරිස්තුමාගෙන් මේ දෙමව්පියන් වේලාවක් ඉල්ලා සිටි අවස්ථාවේදි ඔහු එය ප්‍රතික්ෂේප කර ඇතැයිද දැන් චෝදනාවක් පවති.
මින් කියැවෙන්නේ කුමක්ද මීගමුව මහනගර සභා පරිපාලනය යළිත් දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇති බවද ?