ටෙලිකොම් RDA කඹ ඇදිල්ල නිසා වලේ වැටුන අසරණයෝ…

0
153
වල වසා පිළිසකර කර තිබු අයුරු..

 

wala issue
වල වසා පිළිසකර කර තිබු අයුරු..

ටෙලිකොම් ආයතනයට අයත් කේබල් ආවරණයක් හලාවත පාරේ නයිනමඩමේ රංගම්මුල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරිම නිසා සිදුව වල නැවත පිලිසකර කොට පසුගිය 29 වනදා නිමකර තිබුනේ හලාවත මහා මාර්ග සංවර්ධන අධිකාරිය පැමිණ එය කාපට් කර නිසි ප්‍රමිතියට  නිමකර දිම සදහා  අදාල නිසි දැනුම් දිම්ද සමගිනි.
එහෙත් මැයි මස 4 වනදා පමණ වනතෙක්ම මේ කාපට් කිරිම සිදුනොවුන අතර ඇද හැලුන මහවැසි හේතුවෙන් පිළිසකර කරන ලද කැඩි බිදි මහා අනතුරුදායක තත්වයක් නිර්මානය විය.
එහෙත් ඒ සම්බන්ධයෙන් අදාල බලධාරින්ගේ කිසිදු මැදිහත්විමක් සිදුනොවුන අතර එහි ප්‍රථිපලයක් ලෙසින් මැයි මස 6 වනදා රාත්‍රියේ අනතුරට පත්ව ත්‍රිරෝද රථය මුළුමනින්ම කැඩිබිදි ගොස් තිබුණි.
මෙහි ගමන් ගත් වයෝවෘද්ධ තැනැත්තෙකු ආසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකෙරුණ අතර ඔහු ඊයේ දහවල් තෙක් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සදහා කැඩුම් බිදුම් වෙදමහතෙකු වෙත ගෙන ගොස් ඇති බව ඔහුගේ ඥාතින් අප කළ විමසුමකට  පිළිුතුරු දෙමින් පවසා සිටියේය.
මේ ත්‍රිරෝද රථයෙන් ජිවිකාව සරිකරගත් රියදුරාද දැන් අසරණව ඇත්තේ කැඩුනු ත්‍රිරෝද රථය ද විනාශව ගොස් තිබෙන නිසාය.
මේ සිදුවිම මීපුර වෙබ් අඩවිය විසින් හෙළි කිරිමෙන් පසු මැයි 7 වනදා දහවලට පෙර මෙය පිළිසකර කර තිබුණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here